February, 10, 2026
2025-05-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා තවදුරටත් යෝජිත සංශෝධන හඳුන්වා දීම පිණිස 2026-01-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් අවසන් පනත් කෙටුම්පත් සකස් කරනු ලැබ තිබේ.
එකී පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story