February, 11, 2026
දේශීය කර්මාන්තවල වර්ධනයට සහාය ලබාදීම අරමුණු කරගත් 2026 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ කොටසක් ලෙස යෝජිත තීරු බදු සංශෝධන පිළිබඳ පාර්ශවකරුවන් සමඟ සම්බන්ධතා ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහන මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ලෝක බැංකුව සහ අනෙකුත් අදාළ ආයතන එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.
“Four-Band Tariff Policy” පිළිබඳ දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
ඒ අනුව, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) මේ පිළිබඳව දැනුම්වත් කිරීමේ සහ සාකච්ඡා කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, වෙළඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් කේ. ඒ. විමලෙන්තිරාජා මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ ලෝක බැංකු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
මීට අමතරව, මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් වන ඒ. කේ. සේනවිරත්න මහතා සහ ඒ. එන්. හපුගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික සෙස් බදු ප්‍රතිපත්ති කමිටුව, කර්මාන්ත උපදේශන කමිටුව, වාණිජ මණ්ඩල සහ අනෙකුත් රජයේ ආයතන නියෝජිතයින් ද මෙම වැඩසටහනට එක්ව සිටියහ.
මෙම වැඩසටහන මඟින් යෝජිත සෙස් බදු සංශෝධන පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමින් පාර්ශවකරුවන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අරමුණු කර ඇත.
Video Story