February, 11, 2026
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්රය නව මානයකට ගෙන යමින්, දෛනිකව අත්‍යවශ්‍ය වන ජනප්‍රිය ජංගම යෙදුම් (Apps) 15ක් සඳහා එකම ගාස්තුවක් යටතේ අසීමිතව පිවිසීමේ පහසුකම සලසන "HUTCH 15" ස්මාර්ට්ෆෝන් සැලසුම දියත් කිරීමට HUTCH සමාගම පියවර ගෙන ඇත. ශ්‍රී ලාංකිකයින්ගේ කුසලතා වර්ධනය කිරීමට, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ජාතික ඵලදායිතාවයට දායක විය හැකි අයුරින් ඉතා සැලකිලිමත්ව මෙම ජංගම යෙදුම් තෝරාගෙන තිබීම මෙහි විශේෂත්වයකි.
සාම්ප්‍රදායික විනෝදාස්වාදයට පමණක් සීමා නොවූ මෙම පැකේජය හරහා ChatGPT, Gemini, Discord සහ LinkedIn වැනි කෘත්‍රිම බුද්ධිය (AI), වෘත්තීය දියුණුව සහ දැනුම බෙදාගන්නා වේදිකාවන් සඳහා අසීමිතව පිවිසීමේ අවස්ථාව හිමිවේ. එමගින් ශ්‍රී ලාංකිකයින්ට AI තාක්ෂණයට හුරුවීමටත්, ව්‍යවසායකත්ව සහ වෘත්තීය නිපුණතා වර්ධනය කර ගැනීමටත් අවස්ථාව හිමිවේ.
මීට අමතරව, පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රිය WhatsApp, YouTube, Instagram, TikTok, Facebook, X, Telegram, Messenger, Snapchat, Viber සහ Imo යන ඇප් සඳහා ද මෙම පැකේජය හරහා අසීමිතව පිවිසිය හැකිය. මෙම ඇප් 15ට අමතරව අනෙකුත් අවශ්‍යතා සඳහා 35GB Data ප්‍රමාණයක්, ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ අගය එකතු කළ සේවාවන් අත්හදා බැලීම සඳහා රුපියල් 100ක ප්‍රසාද මුදලක් (Credit) ද මෙයට ඇතුළත් වේ.
මුළු ගාස්තුව රුපියල් 1,199ක් වැනි සහනදායී මිලකට ලබා දෙන මෙම සැලසුම, දිවයින පුරා විහිදුණු ශක්තිමත් HUTCH ජාලය හරහා ඕනෑම ස්මාර්ට්ෆෝන් පරිශීලකයෙකුට ඉතා පහසුවෙන් ලබාගත හැකිය.
මෙම නව හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් HUTCH සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී හම්දි හසන් මහතා මෙසේ පැවසීය: "ජනතාව සවිබල ගැන්වීමට නම්, ඔවුන්ට තාක්ෂණය අත්හදා බැලීමට සහ භාවිත කිරීමට පොළඹවන සුළු නිෂ්පාදන අප නිර්මාණය කළ යුතුයි. HUTCH 15 යනු හුදෙක් පැකේජයක්ම පමණක් නොව, එය සෑම ශ්‍රී ලාංකිකයෙකුටම නව අවස්ථාවන් සහ වෘත්තීය දියුණුව කරා යන මාවතක් ලෙස මෙය අප හඳුන්වා දෙනවා."
නව පාරිභෝගිකයින්ට www.hutch.lk වෙබ් අඩවිය හරහා e SIM හෝ සාමාන්‍ය SIM පතක් මගින් මෙම සේවාව ක්ෂණිකව සක්‍රීය කරගත හැකි අතර, දැනටමත් HUTCH සේවාව භාවිතා කරන්නන්ට, HUTCH App එක හරහා හෝ නියමිත මුදල රීචාජ් කිරීමෙන් ද මෙම සේවාව සක්‍රීය කරගත හැකිය.

Video Story