ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්‍රී ධනපාල පත් කෙරේ

    February, 13, 2026

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්‍රී ධනපාල මහතා පත් කරනු ලැබ තිබේ.

    ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන වරුණ ශ්‍රී ධනපාල මහතා 2024 වසරේ නොවැම්බර් මස 29 වැනි දින සිට මේ දක්වා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ලෙස කටයුතු කර තිබිණි.