February, 14, 2026
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අවශ්‍යතාවන්ට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසර සඳහා සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම ද්විවාර්ෂික මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්මක්, විශේෂයෙන් ම උද්ධමනය හා ආර්ථික වර්ධනයට අදාළ ඉදිරි දැක්ම මෙන්ම එම පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් සපයයි. මෙම වාර්තාව මගින් මහ බැංකුව, සිය මෑත කාලීන මුදල් ප්‍රතිපත්ති තීරණවලට පාදක වූ මූලික කරුණු සන්නිවේදනය කරමින්, සිය විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට ප්රයත්න දරයි.
මෙම වාර්තාවේ අන්තර්ගත කරුණු 2026 වසරේ ජනවාරි මස මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සලකා බලන ලද තොරතුරු මත පදනම් වේ.
සුවිශේෂී කරුණු
Video Story