February, 17, 2026
එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා එක් දින සංචාරයක් සදහා අද(17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
එතුමා සමග එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීවරුන් 07 දෙනෙකු යුත් දූත පිරිසක් ද පැමිණ සිටියහ .
ඔවුන් පිළිගැනීම සදහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
ඩේවිඩ් ලැමී මහතා ඇතුළු පිරිස අද සවස ආපසු පිටත්ව යාමට නියමිතව ඇත.