February, 17, 2026
ජාතික සෞඛ්‍ය ප්‍රධාන සැලැස්ම තුළ ආමන්ත්‍රණය කළ යුතු යැයි හඳුනාගෙන ඇති ප්‍රමුඛ ක්ෂේත්‍රයක් වන බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී අනුගමනය කරනු ලබන ප්‍රධාන ක්‍රියාකාරම්වලින් එකක් ලෙස හෘද කැතීටකරණය ඇතුළු හෘද ප්‍රතිකාර පහසුකම් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම හඳුනාගනු ලැබ ඇත. හෘද කැතීටකරණ පහසුකම් ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් කිහිපයක පමණක් දැනට ක්‍රියාත්මක වේ. හෘදවාහිනී රෝග, රෝග නිශ්චය සහ ඊට අදාළ ප්‍රතිකාර සඳහා වෛද්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත 2018 වර්ෂයේදී ආරම්භ කර තිබේ.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) විසින් ලබා දෙන ජපන් යෙන් මිලියන 10,639ක අරමුදල් යටතේ ක්‍රියාත්මක වූ එම ව්‍යාපෘතියේ මුල් විෂය පථය යටතේ මහනුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, බදුල්ල ශික්ෂණ රෝහල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල යන ප්‍රධාන තෘතීයික රෝහල් 05ක හෘද කැතීටකරණ ඒකක, හෘද දැඩි සත්කාර ඒකක, හෘද ශල්‍යාගාර, හෘද උරස් ශල්‍යාගාර, පොදු හෘද වාට්ටු, උපකරණ සහ ගොඩනැගිලි ඉදිකිරීම් සිදු කිරීමට සැලසුම් කර තිබුණි.
එසේ වුවද, 2022 වර්ෂයේදී ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපෘතිය නියමිත දිනට සම්පූර්ණ කිරීමට නොහැකි ව ව්‍යාපෘතිය අතරමග නැවතී ඇත. එසේම, ඉදිකිරීම් ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත සේවාවන්හි මිල ඉහළ යාම හේතුවෙන් මේ වන විට සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන මුළු පිරිවැය ඇස්තමේන්තුව ජපන් යෙන් මිලියන 2,833කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, ව්‍යාපෘතිය සඳහා පවතින අරමුදල් සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතියේ විෂය පථය සංශෝධනය කිරීමටත්, ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව 2029-12-31 දින දක්වා දීර්ඝ කිරීමටත් යටත්ව එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story