මිලියන 23,000 ක භාණ්ඩාගාර බිලපත් විකුණයි

    August, 25, 2016

    ඊයේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 23,772 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

    පූර්ව නිකුතුවට සාපේක්ෂව මෙම නිකුතුවේ දී දින 91 හා දින 364 පරිණත කාලවලින් යුතු භාණ්ඩාගාර බිල්පත් පොළිය පදනම් අංක 03 හා 01 බැගින් ඉහළ ගොස් තිබේ. දින 182 ක බිල්පත් පොළියෙහි වෙනසක් වී නොමැත.

    පහත දැක්වෙන්නේ ඊයේ පැවති නවතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව පිළිබඳ සටහනකි.