February, 17, 2026
දකුණු ආසියාවේ විශාලතම ළමා රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත සහය දැක්වීම සඳහා Allianz Lanka ආයතනයේ Women in Leadership Employee Resource සමූහය විසින් පසුගියදා විශේෂ පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2026 පෙබරවාරි 3 වන දින පැවැති මෙම වැඩසටහන මගින්, රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙත අඛණ්ඩ හා උසස් ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවා සැපයීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කෙරිණි. ප්‍රතිකාර ලබන බිළිඳුන්ගේ සහ දරුවන්ගේ දෛනික අවශ්‍යතා මෙන්ම ඔවුන්ගේ සුවපහසුව සහ යහපැවැත්ම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මෙම පරිත්‍යාගයන් තෝරාගෙන තිබීම විශේෂත්වයකි.
මෙහිදී අවශ්‍යතා ඇති අය වෙනුවෙන් බලාපොරොත්තුව සහ රැකවරණය රැගෙන ඒමටත්, සමාජ සත්කාරක මෙහෙවර අර්ථවත් ලෙස ඉදිරියට ගෙන යාමටත් Allianz Lanka දක්වන කැපවීම පැහැදිලි වේ.
Video Story