කොටස් වෙළෙඳපොළ අද මන්දගාමී වෙයි

    February, 17, 2026

    අද (17) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ මන්දගාමී බවක්  දිස්වුණි.

    දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 17.29 ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 1.62ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,882.82ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,708.71ක් ලෙසත් වාර්තා විය.

    රු. බිලියන 4.23ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා වී තිබේ.