February, 17, 2026
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ. ජනාධිපතිවරයා සිය ඉන්දියානු සංචාරය සඳහා පිටත්ව යාමට පෙර මෙම හමුව සිදුව තිබේ.
මෙහිදී මූල්‍ය අරමුදලේ ප්‍රධානී ජෝර්ජියේවා මහත්මිය, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය අගය කරමින්, එහි අඛණ්ඩ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ රට “බොහෝ දුරක් පැමිණ ඇති” බව සඳහන් කළාය.
මෙම හමුව සම්බන්ධයෙන් X සටහනක් තබමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පවසන්නේ, රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන රටට සහ එහි ජනතාවට ප්‍රතිලාභ ලබා දෙමින් තිබෙන බවයි. තවද සැමට සමෘද්ධිය ලබා දෙන ශක්තිමත් සහ කල්පවතින වර්ධනයක් සහතික කිරීම සඳහා මෙම මාවතේ රැඳී සිටීමේ වැදගත්කම තමන් විසින් අවධාරණය කළ බවත්, ඇය මෙහිදී සඳහන් කරයි.