University of Surrey ආසියාවේ ප්‍රථම Digital Health ශාස්ත්‍රපති උපාධිය IIHSහි ආරම්භ කරයි

    February, 18, 2026

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) විසින් එක්සත් රාජධානියේ University of Surrey විසින් ප්‍රදානය කරනු ලබන ආසියාවේ ප්‍රථම Digital Health ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව ආරම්භ කරමින් කළාපීය සෞඛ්‍ය අධ්‍යාපනයේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ වැදගත් මංසන්ධියක් සනිටුහන් කර ඇත. ලෝකය පුරා සෞඛ්‍ය පද්ධති වේගයෙන් ඩිජිටල් තාක්ෂණය අනුගමනය කරන මෙම යුගයේ, සෞඛ්‍ය සේවා සැපැයීම හා කළමනාකරණය තුළ තාක්ෂණය, දත්ත සහ නවෝත්පාදන ඒකාබද්ධ කළ හැකි වෘත්තීයවේදීන් සඳහා ඇති ඉල්ලුම වැඩිවෙමින් පවතී. නව Digital Health ශාස්ත්‍රපති පාඨමාලාව මෙම අවශ්‍යතාවට පිළිතුරු සපයමින් සෞඛ්‍ය පද්ධති තුළ ඩිජිටල් පරිවර්තනය මෙහෙයවිය හැකි කුසලතා සහ දැනුම සිසුන්ට සපයයි.

    ශ්‍රී ලංකාවේ IIHS ආයතනයේ පැවැත්වෙන මෙම පාඨමාලාව මඟින් කළාපයෙන් පිට නොයා ගෞරවනීය බ්‍රිතාන්‍ය උපාධියක් ලැබීමට සිසුන්ට අවස්ථාව සළසයි. පාඨමාලාව ඩිජිටල් සෞඛ්‍ය පද්ධති, සෞඛ්‍ය තොරතුරු විද්‍යාව (Health Informatics), දත්ත විශ්ලේෂණය, ඩිජිටල් නායකත්වය සහ නවීන සෞඛ්‍ය තාක්ෂණ ආදිය ආවරණය කරමින් ශාස්ත්‍රීය ගුණාත්මකභාවය සහ ප්‍රායෝගික භාවිතය ඒකාබද්ධ කරයි. මෙම පාඨමාලාව මූලික උපාධියක් ඇති අය සහ සේවයේ නියුතු වෘත්තීයවේදීන් සඳහා සැළැසුම් කර ඇත. තාක්ෂණික සෞඛ්‍ය පරිසරයන් තුළ නායකත්ව භූමිකා අපේක්ෂා කරන වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට සහ අනුසෞඛ්‍ය වෘත්තීයවේදීන්ට, සංවිධානමය වෙනස්කම් මෙහෙයවන සෞඛ්‍ය කළමනාකරුවන්ට, මහජන සෞඛ්‍ය හා සංවර්ධන ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ට, එමෙන්ම IT, දත්ත විද්‍යාව, ඉංජිනේරු, ජීව විද්‍යා සහ කළමනාකරණ උපාධිධාරීන්ට මෙම පාඨමාලාව විශේෂයෙන් සුදුසු වේ. පෙර තාක්ෂණික පසුබිමක් අවශ්‍ය නොවීම හේතුවෙන් ඩිජිටල් සෞඛ්‍ය නායකත්වයට මාරු වීමට කැමති වෘත්තීයවේදීන්ටද මෙය විවෘත වේ.

    ඩිජිටල් සෞඛ්‍යය වර්තමානයේ ලෝකයේ වේගයෙන් වර්ධනය වන ක්ෂේත්‍රයකි. රෝහල්, සෞඛ්‍ය අමාත්‍යාංශ, රාජ්‍ය නොවන සංවිධාන, රක්ෂණ ආයතන සහ සෞඛ්‍ය තාක්ෂණ සමාගම් අතර ඩිජිටල් විසඳුම් සඳහා විශාල ආයෝජන සිදු වෙමින් පවතී. උපාධිධාරීන්ට Digital Health Specialist, Health Informatics Manager, Healthcare Data and Analytics Manager, Telemedicine Programme Lead, Digital Transformation Manager, Health Technology Project/Product Manager සහ Digital Public Health Specialist වැනි තනතුරුවලට පිවිසිය හැකිය. මෙම ක්ෂේත්‍රයේ ගෝලීය ඉල්ලුම හේතුවෙන් වැඩි රැකියා අවස්ථා සහ ජාත්‍යන්තර වෘත්තීය ගමන් මාර්ග ලැබේ. මෙම ආරම්භය පිළිබඳ අදහස් දක්වමින් IIHS ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා මෙසේ පැවසීය. “ඩිජිටල් සෞඛ්‍යය යනු සෞඛ්‍ය සේවාවේ අනාගතයයි. University of Surrey සමඟ ආසියාවේ ප්‍රථම Digital Health ශාස්ත්‍රපති උපාධිය පිරිනැමීම හරහා අපි වෘත්තීයවේදීන්ට ජාත්‍යන්තර වෘත්තීය අවස්ථා විවෘත කරමින්, දේශීය හා ගෝලීය සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමට දායක වෙමු.” University of Surrey නියෝජිතයන් ප්‍රකාශ කළේ මෙම පාඨමාලාව ශාස්ත්‍රීය උසස්භාවය සහ ව්‍යවහාරික ප්‍රායෝගිකත්වය ඒකාබද්ධ කරමින් ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය වන අවශ්‍යතා සපුරාලන බවයි. මෙම ආරම්භය IIHS ආයතනය කළාපීය හා ජාත්‍යන්තර සම්මතවලට අනුකූල සෞඛ්‍ය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස තවත් ශක්තිමත් කරමින් “Study Sri Lanka” දැක්මටද දායක වේ. Digital Health ශාස්ත්‍රපති උපාධිය සඳහා දැන් ඇතුළත් කර ගැනීම් විවෘතය. වැඩි විස්තර සඳහා www.iihs.lk වෙබ් අඩවියට පිවිසෙන්න.