කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉහළට. S&P SL20 ඉතිහාසයේ ඉහළම තැනට

    February, 18, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වර්ධනයක් අද (18) දිනයේ දී දැකගන්නට ලැබුණි.

    එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 37.02කින් ඉහළ ගොස් ඒකක 23,919.84ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 41.79කින් ඉහළ ගොස් ඒකක 6,750.50ක් ලෙසින් සටහන් විය. S&P SL20 දර්ශකය ඒකක 6,750 මට්ටමට පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.

    අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 5.66ක් ලෙසින් වාර්තා විය. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 5.55ක් ලෙසත් දේශීය විකිණුම් රු. බිලියන 5.37ක් ලෙසත් සටහන්ව ඇත. අද දින විදේශීය මිලදී ගැනීම් රු. මිලියන 109ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 292ක් ලෙසින් වාර්තා වේ.