February, 20, 2026
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු විසින් නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ මුදල් ප්‍රමාණය 2025 දෙසැම්බර් මස අවසාන වන විට රු. මිලියන 175,712ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
2024 වසර අවසානය වන විට මෙම හිග මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 157,957ක් ලෙසින් සටහන් විය. ඒ අනුව කෙඩිට් කාඩ්පත් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් ප්‍රමාණය 2025 වසර තුළ දී රු. මිලියන 17,755කින් හෙවත් 11.24%කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර 2024 දෙසැම්බර් අවසන් වන විට මෙරට සමස්ත සක්‍රීය ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය මිලියන 2 සීමාව ඉක්මවා ගොස් තිබුණු අතර එම අගය දැක්වුණේ 2,008,456ක් ලෙසයි. එම ප්‍රමාණය 2025 වසර අවසානයේ දී කාඩ්පත් 2,166,186ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය කාඩ් පත් 157,730ක් හෙවත් 7.85% ක වර්ධනයකි.
