February, 20, 2026
ශ්‍රී ලංකාව තුළ මේ වන විට 2007 වසරේ සිට ක්‍රියාත්මකව පවතින සංචාරක පනත වෙනුවට නව සංචාරක පනතක් හදුන්වා දීමට කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.
මේ වන විට නව පනත හදුන්වා දීම සඳහා අවශ්‍ය වැඩමුළු ගණනාවක් පවත්වා අවසන් බවත්, ඒ සඳහා අවශ්‍ය මහජන අදහස් විමසුම් සිදුවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
"අපි දන්නවා කර්මාන්තය කාලයක් තිස්සේ Informal sector එකක් විදිහට දියුණු වෙලා තියෙනවා. ඉතින් මේක පාලනයට අපිට ගන්න අවශ්‍ය මැදිහත් වීම අපි සංචාරක පනත මේ වෙනකොට නැවත අපි අලුත් පනතක් ඉදිරිපත් කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ වෙනුවෙන් මම හිතන්නේ මේ වෙනකොට අපි වැඩමුළු ගණනාවක් පවත්වලා තියනවා. ඒ සඳහා අවශ්‍ය විවිධ කණ්ඩායම් මුණගැහෙමින් ඒ අයගේ අදහස්, මහජන අදහස් මේවා ඒකරාශී කරමින් ඉන්නවා. ඉතාමත් ඉක්මනින් අපි බලාපොරොත්තු වෙනවා සංචාරක පනත අලුත් පනතක් විදිහට ගේන්න."
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී යි.
තව ද මෙම නව පනත හරහා මේ වන විට පැරණි පනතේ මතුව ඇති විවිධ ගැටලු සඳහා විසදුම් ගෙන ඒමට සැලසුම් කර ඇති බව ද ඔහු පවසා සිටියේ ය.
"විශේෂයෙන් අපේ තියන පනතේ අපිට මේ regulation part එක enforsement කියන ඒවා, අපිට නීතිය කඩන අයට අපි කොහොම ද නීතිය ක්‍රියාත්මක කරන්නේ කියන එක වගේ අපිට යම් යම් ගැටලු මතුවෙලා තියනවා. ඉතින් මේවා නිරාකරණය කරගන්නත්, විශේෂයෙන් අපි දන්නවා මේ double taxation තියනවා පාළත් පාලන ආයතනත් එක්ක. ඉතින් මෙන්න මේ ගැටළු නිරාකරණය කරගෙන අලුත් සංචාරක පනතක් ඔස්සේ අර මම කියපු enforsement ඊටපස්සේ regulation කියන අංශ අපිට ඉතාමත් ඵලදායීව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනව, අලුත් සංචාරක පනතත් ඉදිරිපත් කළායින් අනතුරුව. ඉතින් පනතේ යම් යම් වගන්ති සමහර දේවල් දැන් අපි තියන පනතේ ඉස්සරහට ගෙනියන්න පළුවන්. ඒ වගේම අලුත් අඩුපාඩු තියන ඒවා සකස් කරගෙන අපිට ඉදිරියට යන්න තමයි පනත අපි නැවත ලියමින් ඉන්නේ."