Ceylon Cold Stores සමාගම National Supply Chain Excellence Awards 2025 උලෙළේ දී ඇගයීමට පාත්‍ර වෙයි

    February, 20, 2026

    Ceylon Cold Stores PLC (CCS), National Supply Chain Excellence Awards 2025 උලෙළේ දී විශේෂ ඇගයීමකට ලක්වෙමින් සිය මෙහෙයුම් විශිෂ්ටත්වය යළිත් වරක් තහවුරු කිරීමට සමත් විය. මෙම ආයතනය John Keells Holdings PLC සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය සහ ප්‍රමුඛතම ආයතනයක් වේ. කර්මාන්ත අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පසුගිය දා මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේදී පවත්වන ලද මෙම උළෙලේදී, 'මහා පරිමාණ නිෂ්පාදන' කාණ්ඩය යටතේ ‘2025 වසරේ හොඳම සැපයුම් දාම ක්‍රමවේද අනුගමනය කරන ආයතනය’ (National Award of Excellence, Best Supply Chain Practicing Organization) සඳහා වන ඇගයුම් සම්මානයෙන් CCS පිදුම් ලැබීය. වර්තමානයේ පවතින ව්‍යාපාරික වටපිටාව තුළ ඉහළ කාර්යසාධනයකින් යුත් නිෂ්පාදන ක්‍රියාවලියක් සහ සැපයුම් දාමයක් පවත්වා ගැනීමට සමාගම දක්වන කැපවීම මේ හරහා මනාව පිළිබිඹු වේ.

    1866 වසරේ ආරම්භ වූ CCS, සිය ප්‍රමුඛතම සන්නාමය වන 'එලිෆන්ට් හවුස්' හරහා ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය පිළිබඳ නම් දරා සිටින මෙරට පිළිගත් ආයතනයකි. එමෙන්ම සිය සැපයුම් දාමය ශක්තිමත් කිරීම වෙනුවෙන් කාලීන වෙනස්කම් රැසක් සිදු කර ඇති මෙම ආයතනය ඒ යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය, නිෂ්පාදනය, සැපයුම් කළමනාකරණය, බෙදාහැරීම සහ පාරිභෝගික සබඳතා දක්වා වූ සමස්ත ක්‍රියාවලියම නවීකරණය කර ඇත. විශේෂයෙන් සැපයුම් දාමය ඩිජිටල්කරණය කිරීම සහ තිරසාර මෙහෙයුම් සඳහා සිදුකරන ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාවේ නවීන නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශිෂ්ඨයෙකු බවට පත්වීමට CCS සමාගමට හැකි වී තිබේ.

    මෙම සම්මානය මගින් දත්ත මත පදනම් වූ තීරණ ගැනීම, සැපයුම් දාමයේ නම්‍යශීලී බව සහ පරිසර හිතකාමී ක්‍රමවේදයන් සිය මෙහෙයුම් පද්ධතියට ඒකාබද්ධ කිරීම සඳහා සමාගම දක්වන උපායමාර්ගික අවධානය ඇගයීමට ලක් කරයි. ආර්ථික ගැටලු සහ පාරිභෝගික රුචිකත්වයන් වෙනස් වන පසුබිමක වුවද, මෙහෙයුම් විනයක් සහ අනාගතයට සූදානම් පද්ධති පවත්වා ගනිමින් ජාතික නිෂ්පාදන ප්‍රමිතීන් ඉහළ නැංවීමට CCS සමාගම සමත්ව ඇත.

    මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා මෙසේ පැවසීය. "නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ලැබෙන්නේ විනයගරුක ක්‍රියාවලීන්, ශක්තිමත් කණ්ඩායම් සහ නවෝත්පාදනයන් නිසා බව CCS ආයතනය නිරන්තරයෙන් විශ්වාස කරයි. මෙම ඇගයීම හරහා අපගේ තාක්ෂණික දියුණුව සහ සැපයුම් ජාලය නවීකරණය කිරීමේ පියවරයන් සාර්ථක වී ඇති බව තහවුරු  වේ."

    තව ද CCS හි සැපයුම් දාම ප්‍රධානී සංජීව ජයසුන්දර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, "අපගේ සැපයුම් දාමය ගොඩනැගී ඇත්තේ කඩිනම් බව, විනිවිදභාවය සහ අඛණ්ඩ දියුණුව සඳහා ඇති කැපවීම මතයි. මෙම සම්මානය ලැබීම, CCS අපේක්ෂා කරන උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීමට අපගේ කණ්ඩායම් සහ හවුල්කරුවන් නොපසුබටව දරන උත්සාහයට ලැබුණු විශාල ඇගයීමකි. ඩිජිටල් ඒකාබද්ධතාවය සහ තිරසාර වැඩපිළිවෙළ ලොව පිළිගත් හොඳම ක්‍රමවේද හරහා අපගේ මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමට අප කැපවී සිටිමු." ලෙසයි.

    මෙම ඇගයීමත් සමඟ, CCS ආයතනය සිය මෙහෙයුම් විශිෂ්ටත්වය, පාරිභෝගික වටිනාකම සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව වෙනසක් ඇති කිරීම උදෙසා පෙරමුණ ගෙන ක්‍රියා කරන බව නැවතත් තහවුරු කර ඇත.