February, 20, 2026
SLT-MOBITEL Enterprise ඩිජිටල් විසඳුම් සමඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බලගන්වයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු ලෙසට, ව්‍යාපාරයක මෙහෙයුම් කාර්යක්ෂමතාව, තරඟකාරිත්ව හැකියාව සහ ව්‍යාපාර වර්ධනය වැඩි දියුණු කරන ඩිජිටල් සහ AI තාක්ෂණය මත පදනම් වූ විසඳුම් ලබා දීමෙන් SLT-MOBITEL, ශ්‍රී ලංකාව පුරා පැතිරුණු ව්‍යාපාරයන් සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන සහයකයෙකුගේ භූමිකාව තුළ සිටී. කේන්ද්‍රගත වූ වැඩසටහන් ගණනාවක් ඔස්සේ SLT-MOBITEL Enterprise විසින් ව්‍යාපාරික ආයතනයන්ට ඔවුන්ගේ ඩිජිටල් පරිවර්තනය කරා යන ගමන වඩා වේගවත්ව සිදුකිරීමට හැකියාව ලබා දී තිබේ . ‘SmartChat Mega 2026’ යනු එවැනි ප්‍රමුඛතම වැඩසටහනක් වන අතර එය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් (SMEs) වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කර තිබේ. ඒ අනුව එක් එක් ව්‍යාපාරයන්හි මෙහෙයුම් අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙසට ඒ සඳහාම නිර්මාණය කළ ඩිජිටල් සහ AI තාක්ෂණය මත පදනම් වූ ව්‍යාපාරික විසඳුම් ලබා දීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත.
2026 පෙබරවාරි 19 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවත්වුණු ‘SmartChat Mega 2026’ වැඩසටහන සඳහා බස්නාහිර පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් 500 දෙනෙකුට ආරාධනා කර තිබුණි. ඔවුනට ප්‍රායෝගික සහ පූර්ණ ඩිජිටල් පරිවර්තන අත්දැකීමක්ද එහිදී ලැබිණි. මෙම අවස්ථාවට සහභාගී වූවන් හට තමන්ට වඩාත් ගැලපෙන ඩිජිටල් සහ AI තාක්ෂණ විසඳුම් සෘජුවම අත්විඳීමටත්, SLT-MOBITEL හි පළපුරුදු ඉංජිනේරුවන්ගෙන් සමඟින් තම ව්‍යාපාරයට විශේෂයෙන්ම ගැලපෙන ආකාරයේ උපදේශන සේවාවන් ලබාගැනීමටත්, එසේම සුහුරුතාවයෙන් යුත්, තාක්ෂණයෙන් බලගැන්වුණු වැඩ කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කිරීම සම්බන්ධයෙන් පැහැදිලිතාවයක් ලබා ගැනීමටත් අවස්ථාව විවර වී තිබිණි. එසේම සෘජුව ලැබුණු විශේෂඥ මග පෙන්වීම හරහා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාරයට වඩාත්ම ගැලපෙන විසඳුම් හඳුනා ගැනීමට හැකි වූ අතර, ඒ ඔස්සේ තම ව්‍යාපාරයන්හි කාර්යක්ෂමතාව, තිරසාර වර්ධනය සහ ලාභ ලැබීමේ හැකියාව වැඩිදියුණු කරගැනීමටද අවස්ථාව ලැබී තිබිණි.
‘SmartChat Mega 2026’, නිරතුරුවම යාවත්කාලීන වන කුටි 12 කින් සමන්විත වූ අතර, ඒ එක් එක් කුටියකින් ම ව්‍යාපාරයකට වඩාත්ම හොඳින් ගැලපෙන ව්‍යාපාරික මෙවලම් ඉදිරිපත් කරන ලදී. AI Hub කුටිය තුළින් ව්‍යාපාර සඳහා AI තාක්ෂණික විසඳුම් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ගවේෂණය කළ හැකිවූ අතර, E‑Commerce Hub සමඟින් ව්‍යාපාර වර්ධනය සඳහා නව අවස්ථාවන් සොයාගැනීමට ඇති හැකියාවන් ඉදිරිපත් කර තිබිණි. එසේම SmartOps Hub වෙතින් ව්‍යාපාරයක මෙහෙයුම් විධිමත් කරගැනීමේ හැකියාවන් පෙන්වා දී තිබිණි. SmartSpace කුටිය තුළ IoT තාක්ෂණයන් සහ සුහුරු කාර්යාලයීය නවෝත්පාදනයන් ඇතුළත් වූ අතර, CloudSuite කුටියෙන් ඒ ඒ ව්‍යාපාරයක ප්‍රමාණයට පරිමාණය කළ හැකි Cloud විසඳුම් සම්පාදනයන් ඉදිරිපත් කර තිබිණි.
Secure Biz කුටිය තුළ ඩිජිටල් සහ AI තාක්ෂණය පිළිබඳ ආරක්ෂණය ප්‍රධාන තැනක් ගෙන තිබූ අතර, Connect Hub කුටියෙන් ව්‍යාපාරයන්ට සහයෝගීතාවයන් සහ හවුල්කාරීත්වයන් සමඟ කටයුතු කිරීමට අවශ්‍ය වන මෙවලම් ඉදිරිපත් කර තිබිණි. එසේම Biz TV වෙතින් PEO TV සමඟ විනෝදාස්වාදයට තැනක් ලබාදී තිබූ අතර, ELV කලාපය තුළ යටිතල පහසුකම් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබිණි. එසේම Next‑Edge Connectivity Hub කුටියෙන් සහ New Product showcase කුටියෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් හට මනා මඟ පෙන්වීමක්ද ලැබුණු අතර, Enterprise Mobility කුටිය තුළින් ලැබුණු ජංගම තාක්ෂණික විසඳුම් පැකේජයන්ද සමඟින් ව්‍යාපාරිකයින්ට ලැබුණු ‘SmartChat Mega 2026’ අත්දැකීම සම්පූර්ණ විණි. මෙම සියලු කුටි ඔස්සේ, නව ව්‍යාපාරික අවස්ථාවන් උදා කර ගැනීමට, සිය ව්‍යාපාරික මෙහෙයුම් විධිමත් කරගැනීම,ට කාර්යක්ෂමතාව වැඩි දියුණු කරගැනීමට සහ ව්‍යාපාරයන්ගේ ඩිජිටල් පරිවර්තනයට ජවයක් ගෙන දෙන නවෝත්පාදනීය විසඳුම් අනුහුරු කරගැනීමට ව්‍යාපාර ආයතනයන් සවිබල ගැන්වීම සඳහා SLT-MOBITEL Enterprise හි නව තාක්‍ෂණයන් සහාය ලබා දෙන ආකාරය පිළිබඳව සවිස්තරාත්මකව පෙන්වා දී තිබිණි.
ගෝලීය මට්ටමේ ඩිජිටල් සහ AI තාක්ෂණයන්ගෙන් බලගැන්වුණු විසඳුම් සහ විශේෂඥ උපදේශනයන්ගෙන් මෙන්ම අලෙවියේ සිට අලෙවියෙන් පසු විශිෂ්ට සේවා සැපයීම දක්වා ලබාදෙන ඉහළ සහයෝගයද සමඟින් ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බලගැන්වීම සඳහා SLT-MOBITEL Enterprise දරණ කැපවීම, ‘SmartChat Mega 2026’ මගින් තවදුරටත් සවිබල ගන්වයි. එකම වහලක් යටින් ලබාගැනීමට හැකි පුළුල් නව තාක්ෂණික සේවා සමුදායක්ම ලබා දීම ඔස්සේ, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්ට ඵලදායිතාව, ආරක්ෂණය සහ දිගුකාලීනව තරඟකාරිත්වයෙන් පැවතීමට තිබෙන හැකියාව යන සියල්ල වැඩි දියුණු කරන ඒකාබද්ධ ඩිජිටල් පද්ධති ගොඩනැගීමට SLT-MOBITEL Enterprise හැකියාව ලබා දී තිබේ.
SLT-MOBITEL Enterprise විසින් රට පුරා විහිදී සිටින සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්ට මෙම නවෝත්පාදනීය පර්යන්තයන් ගවේෂණය කර බැලීමටත්, තාක්‍ෂණයෙන් සවිබල ගැන්වුණු පරිවර්තනයක් ඔස්සේ, සුහුරු, වඩාත් ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්ත, එසේම අනාගතයට සූදානම් වූ ව්‍යාපාරයන් ගොඩනැංවීම සඳහා වන මීළඟ පියවර තැබීමට ආරාධනා කර සිටී.

‘SmartChat Mega 2026’ උත්සවයට සහභාගී වූවන් අමතන SLT-MOBITEL සාමාන්‍යාධිකාරී (සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර) සංජීව ජයමහ සහ සාමාන්‍යාධිකාරී (ව්‍යවසාය සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සේවා) සෙල්වේන්ද්‍රන් විද්‍යාපන් යන මහත්වරුන්

‘SmartChat Mega 2026’ හි ප්‍රදර්ශන කුටි 12 කදී ඩිජිටල් සහ AI තාක්ෂණයන් භාවිතා කරමින් SLT-MOBITEL මඟින් එළිදක්වා ඇති විසඳුම් හා සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට බස්නාහිර පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන්ට අවස්ථාව ලැබිණි
ඡායාරූප විස්තරය : SLT-MOBITEL සභාපති මොතිලාල් ද සිල්වා, SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ්, SLT-MOBITEL ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉමන්ත විජේකෝන් සහ SLT-MOBITEL ප්‍රධාන ව්‍යාපාර නිලධාරී (ව්‍යවසාය ව්‍යාපාර) ලක්මාල් ජයසිංහ යන මහත්වරුන් ‘SmartChat Mega 2026’ හි ප්‍රදර්ශන කුටි නරඹමින්
Video Story