February, 20, 2026
අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (20) දිනයේ දී වාර්තා විය.
එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 96.43ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 21.72ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,773.64ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,721.47ක් ලෙසත් සටහන් වුණි.
අද දින රු. බිලියන 3.89ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

Video Story