February, 20, 2026
මෙරටට වාහන ආනයනය කරන සමාගම් අතරින් අලෙවියෙන් පසු විශිෂ්ටතම සේවය සලසන ආයතනය වන Ideal Motors සමාගම විසින් තවත් සුවිශාල වැඩසටහනක් ආරම්භ කොට ඇත.
ඒ මීට වර්ෂ 12කට පෙර මෙරට පොලිස් ස්ථාන සඳහා ලබාදී ඇති මහින්ද්‍ර Scorpio ජීප් රථ බොහෝමයක් මේ වන විට අබලන් තත්ත්වයට පත්ව ඇති අතර ඒවා ආනයනය කරන අවස්ථාවේ පැවති තත්ත්වයටම අලුත්වැඩියා කිරීමේ වැඩසටහනයි.
මහින්ද්‍ර Scorpio රථයක් අලුතින් ආනයනය කිරීමට වර්තමානයේ රුපියල් ලක්ෂ 300 කට අධික මුදලක් වැය වන අතර, වර්ෂ 12කට පෙර ආනයනය කරන ලද අබලන් තත්ත්වයේ ඇති මහින්ද්‍ර Scorpio රථයක් රුපියල් ලක්ෂ 55ක් (වැට් බදු ඇතුළත්ව) වැනි මුදලකින් වාහනයේ නිෂ්පාදිත තත්ත්වයටම අලුත් වැඩියා කළ හැකි බව අයිඩියල් මෝටර්ස් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ සහ සභාපති නලින් වෙල්ගම මහතා පවසයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් වෙල්ගම මහතා,
2011 වර්ෂයේදී Ideal Motors සමාගම ශ්‍රී ලංකා පොලිසිය වෙත මහින්ද්‍ර Scorpio රථ 475ක් පමණ ලබා දුන්නා. ශ්‍රී ලංකාවේ පොලිසිය වෙත ප්‍රථම වතාවට එක්වරක් මිලදී ගත් වාහන වර්ගයක් නැවත වතාවක් ඇනවුම් කරමින් 2023 වර්ෂයේදී මහින්ද්‍ර Scorpio රථ 500 ක් ලබාදීමේ අවස්ථාව අපට හිමි වුණා. එය අප සමාගම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්.
ඒ වන වනවිට වසර 12ක් පමණ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව ධාවනය වූ මහින්ද්‍ර Scorpio රථ 42ක් පමණ දිරාපත් වීම හේතුවෙන් ඉතාමත් අබලන් තත්ත්වයට පත්ව තිබීම නිසා විකුණා දැමීමට සූදානම් වූ අවස්ථාවේ මහින්ද්‍ර සමාගම ඉදිරිපත් වී විකුණා දැමීමට සූදානම් කර තිබූ එම වාහන වායු සමීකරණ පද්ධතියක්ද සහිතව තවත් වසර 10ක පමණ කාලයක් ධාවනය කළ හැකි ලෙසින් වසර තුනක අයිඩියල් මෝටර්ස් වගකීමක්ද සහිතව වැට් බදු සහිතව රුපියල් ලක්ෂ 55 ක් වැනි මුදලකට අලුත්වැඩියා කිරීමේ වගකීම බාර ගත්තා.
වර්තමාන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස්පති වීමෙන් පසු එම භාරදූර කාර්යය මහින්ද්‍ර සමාගම වෙත නැවත භාර දීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව මහින්ද්‍ර සමාගම වෙත ලබා දුන් ඉතාමත් අබලන් තත්ත්වයට පත්ව තිබූ පළමු මහින්ද්‍ර Scorpio රථය අලුත් වැඩියා කොට පසුගියදා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත බාරදුන්නා.
එවැනි රථයක් අලුතින් ආනයනය කලානම් තීරු බදු පමණක් රුපියල් ලක්ෂ 250ක් පමණම වෙනවා. වාහනයේ සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 300කට වැඩියි. මහින්ද්‍ර සමාගම සිදු කරන මේ ක්‍රියාවලිය හේතුවෙන් රජයට විශාල මුදලක් ඉතිරි වෙනවා. අලුත්වැඩියා කළ එම රථය භාරදීමේ අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පවා සහභාගී වූ අතර ඔවුන්ගේ විශේෂ ඇගයුමට මහින්ද්‍ර සමාගම ලක්වීම අප ලද විශිෂ්ට ජයග්‍රහණයක්.
මෙම රථය නිල වශයෙන් භාරදීමෙන් පසු ශ්‍රී ලංකා පොලිසිය සතු දැඩි ලෙස අබලන් තත්ත්වයට පත් වූ තවත් මහින්ද්‍ර Scorpio රථ 100 ක් පමණ නිෂ්පාදිත තත්ත්වයටම අලුත්වැඩියා කිරීමේ කාර්යය අප වෙත පැවරී තිබෙනවා. ඉතාමත් කෙටි කාලයක් තුළ එම මහින්ද්‍ර Scorpio රථ 100 අලුත් වැඩියා කොට භාරදීමේ හැකියාව මහින්ද්‍ර සමාගම සතුයි.
මෙම කාර්යය තුළින් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රට තුළ ඉතිරි වනවා සේම ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට රැකියා අවස්ථා උදාකර දීමට මහින්ද්‍ර සමාගමට හැකි වී තිබෙනවා.
ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව වැනි රටේ අනෙකුත් රාජ්‍ය ආයතන වෙතත් අප ආරාධනා කරනවා නිකරුණේ අලුත් වාහන වෙනුවෙන් කෝටි ගණන් විදේශ විනිමය වැය නොකර ඉතාමත් සුළු මුදලකින් පැරණි වාහනයක් නිෂ්පාදන තත්ත්වයට අලුත් වැඩියා කිරීමේ කාර්යට එක්වී රටේ සංවර්ධන කාර්යයට දායක වන ලෙස. අවසන් වශයෙන් මම ප්‍රකාශ කරන්න කැමතියි මේ ජයග්‍රහණයට හේතුව අයිඩියල් මෝටර්ස් විසින් ලබාදෙන අලෙවියෙන් විශිෂ්ටතම සේවය බව.
ඡායාරූපය - අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ සහ සභාපති නලීන් වෙල්ගම මහතා පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත අලුත්වැඩියා කරන ලද මහින්ද්‍ර Scorpio රථය සංඛේතාත්මකව බාරදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට සහභාගි වූ අයිඩියල් මෝටර්ස් සමාගමේ ජ්‍යේෂ්ථ නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් ද ඡායාරූපයේ වෙති.
Video Story