February, 20, 2026
Prime Lands Residencies PLC (CSE: PLR) සමාගම 2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් සිය කොටස් හිමියන්ගේ අපේක්ෂාවන් නොවෙනස්ව රඳවා ගැනීමට සමත් වී තිබේ. පසුගිය මාස 3 ක කාලපරිච්ඡේදය තුළ සමාගමේ කොටස් මිල 40% කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගිය අතර, එය ආයෝජක විශ්වාසය වර්ධනය වී ඇති බවට මනා සාක්ෂියකි. පසුගිය වසර 2 ක කාලය තුළ සමාගම The Border Colombo ව්‍යාපෘතියේ කුලුනු 3 ක් (ඒකක 484), J’adore Negombo (ඒකක 333), The Golf Colombo 08 (ඒකක 64), Mon Vie Colombo 05 (ඒකක 349), Prime Colombo 9 (ඒකක 559) සහ The Seasons Colombo 08 (ඒකක 44) වැනි මහා පරිමාණ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවූ අතර, මේ හේතුවෙන් වෙළඳපොළ තුළ සමාගම කෙරෙහි පවතින විශ්වාසය අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතිණි.
පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙම කාර්තුවේ ආදායම 43% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2.80 ක් ලෙස වාර්තා විය. The Colombo Border ව්‍යාපෘතියේ C කුලුනේ ඉදිකිරීම් ප්‍රගතිය වේගවත් වීමත් සමඟ එහි ඇස්තමේන්තුගත ආදායම ඉක්මවා යෑම සිදුවිය. තවද The Seasons – Colombo 08 ව්‍යාපෘතිය ආදායම හඳුනාගැනීමේ අවම ඉදිකිරීම් ප්‍රතිශතය ඉක්මවීමත් සමඟ ප්‍රථම වරට එහි ආදායම මූල්‍ය වාර්තාවලට එකතු කරගැනීම මෙම කාර්තුවේදී සිදු විය. නව ව්‍යාපෘති සම්බන්ධයෙන් සමාගම අනුගමනය කරන විචක්ෂණශීලී ප්‍රතිපත්තිය හේතුවෙන් අලුතින් දියත් කරන ලද අනෙකුත් ව්‍යාපෘතිවල ආදායම තවමත් මෙම මූල්‍ය ප්‍රතිඵලවලට ඇතුළත් කර නොමැත. මේ නිසා ඉදිරි කාලපරිච්ඡේදයන් තුළ ආදායමේ වර්ධනය සඳහා වැඩි ඉඩක් පවතී.
සමාගමේ දළ ලාභය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව දෙගුණයකටත් වඩා, එනම් 111% කින් වර්ධනය වී රුපියල් බිලියන 1.05 ලෙස වාර්තා වී ඇත. ව්‍යාපෘතිවල මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු වීම මෙන්ම, රටේ පිළිගත් ඉදිකිරීම් සමාගම් සමඟ එක්ව කටයුතු කිරීම තුළින් පිරිවැය කාර්යක්ෂමතාව ඉහළ යාම, ටෙන්ඩර් කළමනාකරණයේදී ක්‍රමෝපායික පියවර අනුගමනය කිරීම, ප්‍රසම්පාදන සැලසුම්කරණය වැඩිදියුණු කිරීම සහ ඉදිකිරීම් වේගවත් වීම යනාදී සාධක මෙම කැපීපෙනෙන වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. විශේෂයෙන්ම C කුලුනේ ඉදිකිරීම් කටයුතු මුලින් සැලසුම් කළ කාලසීමාවට මාස 4 කට පෙර අවසන් කිරීමට හැකි වීම සැලකිය යුතු ජයග්‍රහණයකි.
ප්‍රයිම් සමූහය විසින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 200 ක මුදලක් පරිත්‍යාග කරන අතර, ඉන් රු. මිලියන 100 ක් පරිත්‍යාග කරන ලද්දේ Prime Lands Residencies PLC විසිනි. එම පරිත්‍යාගයෙන් අනතුරුව පවා සමාගමේ මෙහෙයුම් ලාභය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 147% ක් වැනි ඉහළ ප්‍රතිශතයකින් වර්ධනය වී රුපියල් මිලියන 730.9 ක් ලෙස වාර්තා විය.
මෙම සමාලෝචනයට අදාළ කාර්තුව සඳහා සමාගමේ බදු පසු ලාභය පෙර වසරට සාපේක්ෂව 144% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 562.3 ක් ලෙස වාර්තා වී ඇති අතර, එය ශක්තිමත් ඉපැයුම් ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. මෑතකදී දියත් කරන ලද ව්‍යාපෘති ඉදිරි මාස 36 තුළ ආදායම් වාර්තා කිරීම ආරම්භ කරන බැවින් ඉදිරි කාලයේදී මෙම ප්‍රවණතාව තවදුරටත් වර්ධනය වනු ඇත.
2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස 9 ක කාලපරිච්ඡේදය තුළ ශක්තිමත් කාර්යසාධනයක් පවත්වා ගෙන යන අතරම 3 වැනි කාර්තුවේදී මෙලෙස කැපීපෙනෙන ප්‍රතිඵල වාර්තා කිරීමට Prime Lands Residencies PLC සමාගම සමත් වී තිබේ. ඉහත සඳහන් කළ මෙහෙයුම් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අදාළ මාස 9 තුළ ආදායම පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 24% කින් වර්ධනය වී රුපියල් බිලියන 7.95 ක් ලෙස වාර්තා වූ අතර, දළ ලාභය 63% කින් ඉහළ ගියේය. අදාළ මාස 9 කාලපරිච්ඡේදය සඳහා බදු පසු ලාභය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 68% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1.50 ක් ලෙස වාර්තා විය.
කාර්තුව තුළ කොටසක් සඳහා ඉපැයුම රුපියල් 0.60 ක් වූ අතර, පසුගිය මාස 12 තුළ කොටසක් සඳහා ඉපැයුම රුපියල් 1.96 ක් විය. කොටස් මිල අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් කොටස් මිල ඉපයුම් අනුපාතය සමස්ත කොටස් වෙළඳපොළේ සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට අදාළ සාමාන්‍ය අගයන්ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පැවතුණු අතර, එය ඉපැයුම්වල අනාගත වර්ධනය සම්බන්ධයෙන් ආයෝජක අපේක්ෂාවන් ඉහළ මට්ටමක පවතින බව පෙන්නුම් කරයි.
සභාපතිතුමන්ගේ අදහස්:
“සමාගම වාර්තා කරගෙන ඇති මේ ශක්තිමත් කාර්යසාධනය, පසුගිය වසර 30 තුළ අපගේ පාරිභෝගිකයන් Prime සන්නාමය කෙරෙහි තබා ඇති විශ්වාස මැනැවින් පිළිබිඹු කරනවා. Prime Lands සමාගම ස්වකීය ව්‍යාපාරික කටයුතු වසර 30 කට පෙර අරඹමින් එතැන් පටන් පාරිභෝගික විශ්වාසය දිනෙන් දින ඉහළ නංවා ගනිමින් පවත්වාගෙන ආ අතර Prime Lands Residencie PLC ආයතනය එම ගමන තවදුරටත් ශක්තිමත්ව ඉහළ තලයකට රැගෙන ඒමට සමත් වුණා. මූල්‍ය විනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව අඛණ්ඩව පවත්වා ගන්නා අතරම දේපළ සංවර්ධන කටයුතු උසස්ම ප්‍රමිතියෙන් යුතුව සිදුකිරීමට අප සෑම විටම අවධානය යොමුකරනවා.” Prime සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහතා පැවසීය.
ඡායාරූපය:
Video Story