Peoples Excellency සම්මානය දිනූ මිනැස්රෝ කොලේජ් වාර්ෂික ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස පවත්වයි

    February, 20, 2026

    පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපනය තුළ පූර්ණ පෞරුෂ වර්ධනය සිදු කරන විශිෂ්ට පාසලක් ලෙස Peoples Excellency සම්මානය දිනූ Minasro College 2026 පෙබරවාරි 8 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සිය සිව්වැනි වාර්ෂික ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්වීය. මෙම ජාතික මට්ටමේ ජයග්‍රහණය සහ ක්‍රීඩා උත්සවය පාසලේ අධ්‍යාපන දැක්ම සහ ශිෂ්‍ය සංවර්ධනය පිළිබඳ අඛණ්ඩ කැපවීම යළි තහවුරු කරයි. Peoples Excellency සම්මානය පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන මට්ටම්වල සිසුන්ට සම්පූර්ණ හා සමබර අධ්‍යාපනයක් සැපැයීමට පාසල දක්වන කැපවීම තහවුරු කිරීමකි. ග්‍රාමීය ප්‍රදේශවල සිසුන් විශ්වාසයෙන් හා ජාත්‍යන්තර මට්ටමේ හැකියාවලින් යුත් පුරවැසියන් බවට පත් කිරීමේ මෙහෙවර මෙම සම්මානය හරහා ඇගැයීමට පාත්‍ර විය. මෙම සම්මානය පාසලේ අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය මේජර් අනුර කන්නන්ගර මහතා, පුෂ්පා හෙට්ටිආරච්චි මහත්මිය මෙන්ම අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය කළ කැපවීමේ ප්‍රතිපලයකි.

    පාසලේ සිව් වැනි වාර්ෂික ක්‍රීඩා උළෙල උද්යෝගයෙන්, ශික්ෂණයෙන් සහ කණ්ඩායම් හැගීමෙන් සපිරි උත්සවයක් විය. පළමු ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි දක්වා සිසුහු ක්‍රීඩා, කණ්ඩායම් තරග හා විවිධ ඉසව් සඳහා උද්යෝගයෙන් සහභාගී වූහ. වර්ණවත් පෙළපාලි සහ ප්‍රදර්ශනාත්මක ඉසව් ක්‍රීඩා උත්සවයට ආලෝකයක් එක් කළ අතර දෙමාපියන් සහ ආරාධිතයන් විශාල පිරිසක් පැමිණීම සිසුනගේ උද්යෝගයට හේතු විය. Good Start, Grow Smart යන තේමාව යටතේ මිනැස්රෝ කොලේජ් අධ්‍යාපන විශිෂ්ටත්වය, චරිත සංවර්ධනය හා ශාරීරික දක්ෂතා එකට සම්බන්ධ කරමින් සම්පූර්ණ අධ්‍යාපන පද්ධතියක් ගොඩ නඟමින් සිටී. Peoples Excellency ජයග්‍රහණය සහ ක්‍රීඩා උළෙලක් අති සාර්ථකව සංවිධානය කිරීම අනාගතයට සූදානම් සම්පූර්ණ පුරවැසියන් බිහි කිරීමට පාසලට ඇති අඛණ්ඩ කැපවීම පැහැදිලිව පිළිබිඹු කරයි. මිනැස්රෝ මතුගම ශාකාව මාර්තු මාසයේදී පහසුකම් හා ආරක්ෂාව සපිරි පරිශ්‍රය ක විවෘත කිරීමට නියමිතය.