සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානයෙන් පිදුම් ලබයි

    February, 23, 2026

    සෙලින්කෝ ලයිෆ් සමාගම 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී ඇත.

    මෙම සම්මානය මගින් සෙලින්කෝ  ලයිෆ් සමාගම ලොව වඩාත්ම ගෞරවනීය ජීවිත රක්ෂණ සමාගම් අතරට ශ්‍රේණිගත කර ඇති අතර කැනඩාවේ සන්ලයිෆ්, ඕස්ට්‍රේලියාවේ ඇසෙන්ඩා, චීනයේ චයිනා පැසිෆික් ඉන්ෂුවරන්ස්, ප්‍රංශයේ CNP ඇෂුවරන්ස්, ජර්මනියේ ටැලන්ස්ක් සමූහය, ඉන්දියාවේ මැක්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස්, ජපානයේ නිපොන් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, ස්විස්ටලන්තයේ සුවිස් ලයිෆ්, එක්සත් රාජධානියේ අවිවා සහ ඇමරිකා එක්සත් ජනපදයේ මාස්මියුචුවල් වැනි ගෝලීය ජයග්‍රාහකයින් අතරට සෙලින්කෝ ලයිෆ් සමාගම එක්විය.

    මෙම නව සම්මානය පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් විධායක සභාපති ආර්. රෙන්ගනාදන් මහතා මෙසේ පැවසීය: “වසර දොළහක් මුළුල්ලේ අඛණ්ඩව මෙම ජාත්‍යන්තර පිළිගැනීම දිනා ගැනීම අපගේ මෙහෙයුම් සංස්කෘතියේ සහ අපගේ දිගු කාලීන උපාය මාර්ගයේ සාර්ථකත්වය පෙන්නුම් කරයි. අපගේ අවධානය එල්ල වී ඇත්තේ වෙනස් වන වෙළදපල  තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආයතනික පාලනය සහ අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ගේ හා සේවය සලසන ප්‍රජාවන්ගේ අවශ්‍යතා සමඟ ගැඹුරු ලෙස පෙළ ගැසෙන ජිවීත රක්ෂණ ව්‍යාපාරයක් ගොඩනැගීමටයි.”

    වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානය මගින් මෙහෙයුම් විශිෂ්ටත්වය, මූල්‍ය ශක්තිය සහ පාරිභෝගික සේවය සඳහා ශක්තිමත් කැපවීමක් නිරතුරුවම පෙන්නුම් කරන සමාගමක් ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම හඳුනා ගනී. ජයග්‍රාහකයින් තෝරාගනු ලබන්නේ ප්‍රාරක්ෂණ කාර්යක්ෂමතාව, ප්‍රතිපත්ති නඩත්තු ක්‍රියාවලීන්, අවදානම් වලට නිරාවරණය වීම, ගනුදෙනුකරුවන් රඳවා ගැනීම, හිමිකම් පියවීමේ කාලරාමු, නව ගනුදෙනුකරුවන් අත්පත් කර ගැනීම සහ වාරික ආදායම, වෙළඳපල කොටස, ජීවිත අරමුදල් වර්ධනය සහ ලාභදායීතාවය මගින් මනිනු ලබන මූල්‍ය ස්ථාවරත්වය ඇතුළු බහු කාර්ය සාධන දර්ශකවල දැඩි තක්සේරුවකින් පසුවයි.

    සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරමින් අඛණ්ඩව වසර 21 ක් පුරා ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රමුඛයා බවට පත්ව සිටියි. 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ වටිනා ම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් මෙරට සමස්ත සන්නාම අතුරින් 22 වන වටිනාම සන්නාමය ලෙසද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සඟරාව මගින් ශ්‍රේණිගත කරන ලදී. 2025 දී අඛණ්ඩව 19 වන වසරටත් වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස ද තේරී පත්වූ සෙලින්කෝ ලයිෆ් එමගින් මිලියන ගණනක් විශ්වාස කරන සන්නාමය ලෙස තම ස්ථානය නැවතත් තහවුරු කලේය.

    පසුගිය වසර පහ තුළ සමාගම ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙස දෙවරක් තේරී පත් වූ අතර ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ වඩාත් ම අගය කරන ලද සමාගම් 10 අතරට ශ්‍රේණිගත කර ඇත.