February, 23, 2026
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 2.4% ක් දක්වා පහළ ගොස් ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
2025 දෙසැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වූයේ 2.9% ක් ලෙසයි.
දෙසැම්බර් මාසයේ දී 4.4% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය ජනවාරි මාසයේ දී 3.4% ක් දක්වා 1% කින් අඩු වී ඇති අතර දෙසැම්බර් මාසයේ දී 1.6% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය ජනවාරි මාසයේ දී ද,1.6% ක් ලෙස නොවෙනස්ව පවතී.
Video Story