February, 24, 2026
2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලද අනුමැතිය මත රජයේ සංවර්ධන වැඩසටහන් සඳහා යොදා ගැනීම පිණිස මෝටර් ග්‍රේඩර් 75ක් මිල දී ගැනීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.
ඒ අනුව ඉදිරිපත් කර තිබූ ලංසු 05ක් ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් සිදු කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම් ව, එකී ප්‍රසම්පාදනය United Tractors & Equipment (Private) Limited වෙත රුපියල් මිලියන 1,424.25ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට පිරිනැමීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story