කොටස් වෙළෙඳපොළ අද පසු බසී

    February, 24, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පසුබැස්මක් අද (24) දිනයේ දී වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 92.40 කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 23,690.62ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 47.59කින් පහළ ගොස් ඒකක 6,681.12ක් ලෙසින් සටහන් වුණි.

    අද දින රු. බිලියන 3.68ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.50ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.77ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 182ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 911ක් ලෙසින් වාර්තා වී තිබේ.