February, 26, 2026
හේලීස් පීඑල්සී විසින් රු. බිලියන 7ක වටිනාකමකින් යුතු ණයකර නිකුතුවක් සිදුකරන ලබන බව නිවේදනය කර සිටී.
එහිදී එකක් රු. 100 බැගින් වූ ලැසිස්තුගත, ශ්‍රේණිගත, අනාරක්ෂිත, ජ්‍යෙෂ්ඨ, නිදහස් කළ හැකි ණයකර මිලියන 50ක් මූලික අදියරේ දී නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර සමාගමේ අභිමතය පරිදි විකල්පයක් ලෙස තවත් ණයකර මිලියන 20ක් නිකුත් කිරීමට ද සැලසුම් කර ඇත.
ඒ අනුව ණයකර මිලියන 70ක් නිකුත් කිරීමට නියමිත අතර රු. බිලියන 7ක මුදලක් සම්පාදනය කර ගැනීමට නියමිතය.
මෙම නිකුතුව අදාළ නියාමන අධිකාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමට යටත් වනු ඇත.
Video Story