පළමු ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේ අවසන් කාර්තුවේ දී

    February, 26, 2026

    2026 වසරේ තෙවන හෝ හතරවන කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා එහි දී පවසා සිටියේ ඩිජිටල් හැඳුනුම්පත් හදුන්වා දීමේ ව්‍යාපෘතියෙහි ප්‍රසම්පාදන කටයුතු අප්‍රේල් මාසය වන විට ක්‍රියාත්මක කර අවසන් කරන බවයි.

    ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පවසා සිටියේය.

    "Digital ID එක හරහා පුළුවන් අපිට දැන් අනන්‍යතාවය ඔප්පු කරන්න තියන, හැමෝම තැන් තැන්වලට කාර්යාලවලට අරගෙන යන මේ ID Card එක වෙනුවට තමන්ගේ තියන ජෛවමිතික දත්ත පාවිච්චි කරලා තමන් කවුද කියන එක 100ට 100ක්ම නිවැරදිව ඔප්පු කරන්න. ඉතින් අපි මේ පද්ධතිය ඇත්තටම 2012 ඉදන් ලංකාව උත්සාහ දරමින් තිබ්බ පද්ධතියක් හෝ ක්‍රමවේදයක් ගේන්න උත්සාහ කරමින් තිබුණේ. නමුත් කරගන්න බැරි වෙලා තිබුණේ. නමුත් අපි බලයට ඇවිල්ලා පලවෙනි අවුරුද්දෙම සෑහෙන්න ප්‍රගතියක් ලබලා ඉවර වෙලා දැන් ඒක ප්‍රසම්පාදන අදියරට ගෙනල්ලා තියනවා. මේකේ ප්‍රසම්පාදන කටයුතු මේ අප්‍රේල් මාසේ වෙනකොට ක්‍රියාත්මක කරලා ඉවර කරලා, මේ අවුරුද්දේ තුන් වෙනි හෝ හතරවෙනි කාර්තුව වෙනකොට මේ පලවෙනි Digital ID එක ඩිජිටල් හැදුනුම්පත නිකුත් කරන්න අපි සියලුම කටයුතු දැන් ප්‍රසම්පාදනය කරලා යන්නේ."