කොටස් වෙළෙපොළෙන් අද රු. බිලියන 7ක වාර්තාගත පිරිවැටුමක්. මිල දර්ශක පහළට

    February, 27, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකවල පහළ යාමක් අද (27) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 47.17 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 74.20 කින් පහළ ගියේය.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,734.06ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,635.97ක් ලෙසත් සටහන් විය.

    මේ අතර අද දිනයේ දී රු. බිලියන 7.01ක වාර්තාගත පිරිවැටුමක් සටහන් වීම විශේෂත්වයකි. එහිදී රේනුකා ඇග්‍රි ෆුඩ්ස් සමාගමේ කොටස් ගනුදෙනු හරහා රු. බිලියන 1.14ක පිරිවැටුමක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

    අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 6.84ක් හා දේශීය විකිණුම් රු. බිලියන 6.48ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 164ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 528ක් ලෙසින් වාර්තා විය.