February, 28, 2026
මේ වන විට මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති උණුසුම් යුධමය වාතාවරණයත් සමඟින් එම කලාපයේ ගුවන් අවකාශ දැමීම හේතුවෙන් ගුවන් සේවා රැසක් එම කලාපය තුළ ක්‍රියාත්මක වීම අත්හිටුවා තිබේ.
මේ තත්ත්වය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය ද මැද පෙරදිග ගමනාන්ත කිහිපයක් සමඟ සිදුකරන ගුවන් ගමන් වාර ගණනාවක් අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
මෙලෙස අවලංගු කෙරෙන ගුවන් ගමන් වාර පහත පරිදි වේ.
කොළඹ සිට:
UL265 — Riyadh
UL229 — Kuwait
UL253 — Dammam
UL225 — Dubai
UL217 — Doha
කොළඹ දක්වා:
UL230 — Kuwait
UL266 — Riyadh
UL254 — Dammam
UL226 — Dubai
UL218 — Doha
මෙම වෙනස්කම් හේතුවෙන් සිදුවන අපහසුතාවයන් පිළිබඳව කණගාටුව පළ කරන ගුවන් සේවය, වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකාව තුළ 1979 අංකයට හෝ ජාත්‍යන්තරයෙන් +94 11 777 1979 අංකයට, WhatsApp සේවාව මඟින්, තම ගමන් නියෝජිතයා හරහා හෝ නිල වෙබ් අඩවිය හරහා සම්බන්ධ විය හැකි බව ද දන්වා ඇත.
Video Story