March, 2, 2026
මැදපෙරදිග ගමනාන්ත කිහිපයක ගුවන් අවකාශ තවදුරටත් වසා තැබීම හේතුවෙන් අද (02) දින ක්‍රියාත්මක කිරීමට නියමිත ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරයි.
ගුවන් මගීන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය ප්‍රමුඛ කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ගුවන් සේවය නිවේදනය කරයි.
UL225 — කොළඹ සිට ඩුබායි
UL226 — ඩුබායි සිට කොළඹ
UL217 — කොළඹ සිට දෝහා
UL218 — දෝහා සිට කොළඹ
UL253 — කොළඹ සිට දම්මාම්
UL254 — දම්මාම් සිට කොළඹ
UL265 — කොළඹ සිට රියාද්
UL266 — රියාද් සිට කොළඹ
UL229 — කොළඹ සිට කුවේට්
UL230 — කුවේට් සිට කොළඹ
මගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම අවලංගු කිරීම් සම්බන්ධයෙන් අපගේ මගීන් දක්වන ඉවසීම සහ අවබෝධය අවංකවම අගය කරන බව ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.
වැඩිදුර තොරතුරු සඳහා 1979 (ශ්‍රී ලංකාව තුළ), +94 11 777 1979 (අන්තර්ජාතික), WhatsApp +94 74 444 1979 හෝ නිල වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන ලෙස මගීන්ට උපදෙස් දෙනු ලැබේ.
Video Story