March, 3, 2026
මේ වන විට මැදපෙරදිග උද්ගතව ඇති අර්බුදකාරීත්වය හමුවේ ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද සමාලෝචන වාර්තාවක් හෙට දිනයේ දී ප්‍රකාශයට පත් කරනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (03) පෙරවරුවේ දී පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“ශ්‍රී ලංකා මහ බැංකුව අද මේ තියෙන තත්ත්වයන් පිළිබඳ සමාලෝචනය කරලා, අපේ ආර්ථිකයට ඇති විය හැකි බලපෑම පිළිබඳව සමාලෝචන වාර්තාවක්, හෙට දිනයේ අපට ලබා දෙන්න.අද සවස හෝ හෙට උදේ වෙන කොට මට ඒ වාර්තාව ලබා ගන්න පුළුවන්. අපේ මූල්‍ය ක්ෂේත්‍ර යේ ඇති වන බලපෑම පිළිබඳව යම් විවරණයක් ඒ තුළින් ලබා ගන්න පුළුවන්“, යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේය.
Video Story