March, 3, 2026
ශ්රී ලංකාවේ ප්රධාන ආහාර පාන සේවා සැපැයුම් සමාගමක් වන Russel’s Catering කොළඹ Orion City IT Hub Food Court තුළ නව ශාඛාවක් විවෘත කරමින් තාක්ෂණ වෘත්තීයවේදීන්ට තම ජනප්රිය රසය වඩාත් සමීප කර ඇත. මෙම විවෘත කිරීම Orion City IT Hub Food Court තුළ ආහාර තේරීම් අවස්ථා වැඩි කිරීමක් මෙන්ම නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමක්ද වේ.
Orion City IT Hub තුළ සේවය කරන විශාල කාර්ය මණ්ඩලය සඳහා ගුණාත්මක හා පහසු ආහාර විසඳුමක් සැපැයීම මෙම පියවරේ ප්රධාන අරමුණක් වේ. මුල් දිනවලම ආහාර රස බැලූ පාරිභෝගිකයන් පිරිසිදු හා සංවිධානාත්මක පරිසරය, කාර්යක්ෂම සේවාව සහ Russel’s හි සුවඳින් සපිරි ආහාර අත්දැකීම පිළිබඳ ධනාත්මක අදහස් පළ කර ඇත.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ සේවය කරන අයට සහ Orion City වෙත පැමිණෙන අමුත්තන්ට Russel’s Catering නව ශාඛාවට පැමිණ නව රස අත් විඳීමට කළමනාකාරිත්වය විසින් ආරාධනා කරනු ලබයි.
Video Story