March, 4, 2026
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2026 Annual Meetings මෙවර තායිලන්තයේ බැංකොක් අගනුවර දී ඔක්තෝබර් 12 - 18 දක්වා පැවැත්වීමට නියමිතය. මීට පූර්වගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියාවේ සුවිශේෂීම ඉසව්ව වන Asia in 2050 සමුළුව අද (04) තායිලන්තයේ බැංකොක් හිදී ආරම්භ වේ. මෙම සමුළුව අද (04) සිට සිකුරාදා (06) දක්වා පවත්වනු ලබන්නේ Bank of Thailand හි සංවිධානයකත්වයෙන් සහ කොරියානු ජනරජයේ අනුග්‍රාහකත්වයෙනි.
කලාපය පුරා විසිරී සිටින විශේෂඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ක්ෂේත්රයේ නායකයින් ඇතුළු ඉහළ පෙළේ විද්වතුන් රැසක් මෙම ආසියාවේ අනාගතය පිළිබඳ විමසිලිමත් වන Asia in 2050 සමුළුවට එක්වීමට නියමිතය.
මේ අතර මෙම සමුළුවේ අවසාන සැසිය ලෙසින් සිකුරාදා (06) පස්වරුවේ දී ඉහළ පෙළේ වටමේස සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මැලේසියාවේ මුදල් අමාත්‍ය Amir Hamzah Azizan සහ තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය Ekniti Nitithanprapas මෙම වටමේස සාකච්ඡාවට එක්වීමට නියමිතය.
Bringing Everything Together—Policy Challenges for Asia Going Forward තේමාව යටතේ පැවැත්වෙන මෙම වටමේස සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ Bloomberg පුවත් සේවයේ Haslinda Amin විසිනි.
Video Story