March, 6, 2026
යුනියන් බැංකුව 2025 මුල්‍ය වර්ෂය සඳහා විශිෂ්ට මුල්‍ය කාර්යසාධනයක් වාර්තාකර ඇත. ගතවූ මුල්‍ය වර්ෂය තුළ රු. බිලියන 2.2 ක බදු පෙර ලාභයක් වාර්තාකර ඇති අතර, එහි බදු පසු ලාභය රු. මිලියන 660 ක් ලෙස දෙගුණකර ගැනීමට සමත්වී තිබේ.
විවිධාංගීකරණය වූ සහ ශාක්තිමත් ආදායම් පදනම පිළිබිඹු කරමින්, රු. මිලියන 5,638 ක ශුද්ධ පොළී ආදායමක් සහ රු. මිලියන 1,545 ක ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායමක් සමගින් යුනියන් බැංකුවේ දළ ආදායම රු. බිලියන 18.2 ක් දක්වා ඉහළ ගියේය. එමෙන්ම, පසුගිය වසරේදී යුනියන් බැංකුව ක්ෂේත්‍රයේ සාමාන්‍ය මට්ටම අභිබවා යමින් කැපීපෙනෙන වර්ධනයක් අත්කර ගත් ශුද්ධ ණය පදනම මත මෙම වසරේදී ද රු. බිලියන 110.8 ක් ලෙස වාර්තා කිරීමට සමත් වූ අතර එය පසුගිය වසර සමග සැසඳීමේදී 36% ක වර්ධනයකි. රු. බිලියන 118.8 ක් ලෙස 15% කින් වර්ධනය වූ තැන්පතු පදනම එම වර්ධනයට බලපෑ එක් සාධකයක්වන අතර, එමගින් බැංකුව කෙරෙහි පාරිභෝගිකයින් තබා ඇති නොසැලෙන විශ්වාසය මෙන්ම බැංකුවේ ශක්තිමත් සහ විකුණුම්-කේන්ද්‍රීය සංස්කෘතියේ සාර්ථකත්වය මනාව පිළිබිඹු කෙරේ. බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතිකය 13.2% ක් ලෙස වාර්තා විය. එය, නියාමන අවශ්‍යතාවලට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක්වන අතර, එමගින් අනාගත ණය ලබාදීම් සඳහා ස්ථාවර පදනමක් තහවුරු කරයි. සමූහයේ සමස්ත වත්කම් පදනම රු. බිලියන 155.6 සිට රු. බිලියන 184.8 ක් දක්වා 19% කින් වර්ධනය විය. යුනියන් බැංකු සමූහය UB ෆිනෑන්ස් සහ National Asset Management Limited යන සමාගම්වලින් සමන්විත වේ.
ඡායාරූප:
Video Story