March, 9, 2026
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ දියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලාභ උපයන රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස සමාජයට වටිනාකමක් එක් කිරීමට නිරතුරුවම කටයුතු කරයි.
2014 වසරේදී SLIC Life විසින් දිවයින පුරා සිටින සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් සඳහා 'ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලදී. අද වන විට, මෙම වැඩසටහන මගින් ශිෂ්‍යත්ව 2,200 කට අධික ප්‍රමාණයක් ප්රදානය කර ඇති අතර, එහි වටිනාකම රු. මිලියන 240 ඉක්මවයි.
මෙම වසරේදී සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් 2024 වසරේ 5 ශේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාග වලට මුහුණ දී ඉහළින්ම දක්ෂතා දැක්වූ සිසුන් 246 කට ශිෂ්‍යත්ව ප්රදානය කෙරේ.
5 ශේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාගවල දක්ෂතා මත පදනම්ව සුබ පැතුම් ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලබන සිසුන් හට පිළිවෙලින් රු. 20,000 බැගින් වසර පහකට, රු. 40,000 බැගින් වසර තුනකට සහ රු. 50,000 බැගින් වසර දෙකකට මූල්‍යමය ශිෂ්‍යත්ව ප්රදානය කෙරේ.
5 ශේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාගවල දක්ෂතා මත පදනම්ව සුබ පැතුම් ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලබන සිසුන් හට පිළිවෙලින් රු. 20,000 බැගින් වසර පහකට, රු. 40,000 බැගින් වසර තුනකට සහ රු. 50,000 බැගින් වසර දෙකකට මූල්‍යමය ශිෂ්‍යත්ව ප්රදානය කෙරේ.
මෙම වසරේදී, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යන්ව වැඩසටහන වැඩි දියුණු කරමින්, එහි ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන්ට පමණක් නොව, 2024 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවක ජාතික මට්ටමේ 1 වන, 2 වන හෝ 3 වන ස්ථානය දිනාගනිමින් අනිවිශිෂ්ට ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍යයන්ටද විශේෂ කාණ්ඩයක් යටතේ අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත.
මෙහිදී රු. 150,000ක එක්වරක් පමණක් ලබාදෙන ශිෂ්‍යත්වයක් පිරිනැමේ.
අයදුම්පත් ඉදිරිපත් කිරීම SLIC Life වෙබ් අඩවිය හරහා 2026 මාර්තු මස 1 සිට 31 දක්වා විවෘත කර ඇත. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වෙබ් අඩවිය හරහා පමණක් අයදුම්පත් භාරගනු ලැබේ.
වැඩි විස්තර සඳහා www.sliclife.com නිල වෙබ් අඩවියට පිවිසෙන්න හෝ 1377 අමතන්න.
Video Story