එලිෆන්ට් හවුස් තම වසර 160ක විශ්වාසය, නවෝත්පාදනය සහ ශ්‍රී ලාංකීය උරුමය අභිමානයෙන් සමරයි

    March, 9, 2026

    එලිෆන්ට් හවුස්, මෙරට දීර්ඝ කාලයක් පුරා ජන හදවත් දිනා ගත් ගෘහස්ථ සන්නාමයක් වන අතර පරම්පරා ගණනාවක් පුරා ගොඩනගා ගත් විශ්වාසය පෙරදැරිව සිය 160 වන සංවත්සරය සමරනු ලබයි. මෙය මෙරට ආයතනික හා පාරිභෝගික සන්නාම ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම මෙම සංවත්සරය හරහා එහි උසස් ප්‍රමිතිය සහ විශ්වසනීයත්වය මත ගොඩනැගුණු සිය අභිමානවත් උරුමය සිහිපත් කරයි. එපමණක් ද නොව, ජෝන් කීල්ස් සමූහය යටතේ නවෝත්පාදනය, තිරසාරභාවය සහ දිගුකාලීන වර්ධනය සඳහා එලිෆන්ට් හවුස් හි ඇති කැපවීම යළි යළිත් තහවුරු කරයි.

    Ceylon Cold Stores PLC විසින් නිෂ්පාදනය හා වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබන එලිෆන්ට් හවුස් සන්නාමය, ශ්‍රී ලංකාව තුළ වසර 160කට අධික මෙහෙයුම් ඉතිහාසයකට උරුමකම් කියන අතර, අඛණ්ඩ නවීකරණ ක්‍රියාවලියක් ඔස්සේ සිය සන්නාමය තවදුරටත් ශක්තිමත් කර ඇත. දශක ගණනාවක් පුරා CCS සමාගම, පාරිභෝගික රුචිකත්වයන්ට ගැලපෙන පරිදි සිය සිසිල් බීම සහ අයිස්ක්‍රීම් නිෂ්පාදන පෙළ වැඩි දියුණු කර ඇති අතර, එහි නිෂ්පාදන ජාලය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය ඊට ශක්තියක් වී ඇත.

    ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන CCS සමාගම, විධිමත් ආයතනික පාලනයක් සහ සදාචාරාත්මක ව්‍යාපාරික පිළිවෙත් අනුගමනය කරයි.  වගකිවයුතු ව්‍යාපාරික භාවිතයන්, ප්‍රජා බලපෑම සහ පාර්ශ්වකරුවන්ගේ දිගුකාලීන වටිනාකම් සුරක්ෂිත කිරීම ආවරණය වන පරිදි තිරසාරභාවය සහ පාරිසරික, සමාජීය හා පාලන ප්‍රමුඛතා කෙරෙහි සමාගමේ ඇති අඛණ්ඩ අවධානය ද මෙම සංවත්සරය මගින් ඉස්මතු කෙරේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහයේ පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා මෙසේ පැවසීය.

    "වසර 160ක කාලයක් යනු හුදෙක් කාලය පිළිබඳ මිනුමක් නොව, එය අනුකූලතාව, නවෝත්පාදනය සහ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ නොසැලෙන කැපවීම හරහා දිනාගත් පාරිභෝගික විශ්වාසයයි. එලිෆන්ට් හවුස් පරම්පරා ගණනාවක් පුරා ජනතාව අතර රැඳී සිටීමට හේතුව වන්නේ, එය සිය උරුමයට ගරු කරන අතරම අඛණ්ඩව පරිණාමය වීමයි. මෙම සන්ධිස්ථානය සනිටුහන් කරන මොහොතේ, අපගේ මූලික අවධානය යොමු වී ඇත්තේ අනාගතය වෙතයි. අපගේ නිෂ්පාදන පරාසය ශක්තිමත් කිරීම, නවෝත්පාදනය වේගවත් කිරීම සහ තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම හරහා ඉදිරි දශක ගණනාවක කාලය තුළත් පාරිභෝගිකයින්ට සහ රටට සේවය කිරීම අපගේ අරමුණයි."

    එසේම අනාගතය දෙස බලන විට, CCS හි අනාගතය කේන්ද්‍ර කරගත් උපාය මාර්ගයේ කොටසක් ලෙස, නිෂ්පාදන පරාසය පුළුල් කිරීම, නිෂ්පාදන ප්‍රතිනිර්මාණය කිරීම, ඩිජිටල්කරණය සහ උසස් දත්ත විශ්ලේෂණ සඳහා එලිෆන්ට් හවුස් අඛණ්ඩව ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත. එමෙන්ම තිරසාර ක්‍රියාමාර්ග, වගකිවයුතු අමුද්‍රව්‍ය ලබා ගැනීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ද විශේෂ අවධානයක් යොමු කරනු ඇත.