March, 9, 2026
සියලු පහසුකම්වලින් සපිරි දකුණු ආසියාවේ පළමු හෝටල් සංකීර්ණය ලෙස City of Dreams Sri Lanka නව ඇරඹුමක් සමඟින් මෙරට සංචාරක ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. සුඛෝපභෝගී සංචාරක සේවා, සාප්පු සවාරි අත්දැකීම්, විනෝදාස්වාදය හා ආයතනික අවකාශයන් එකම ස්ථානයකදී සපයනු ලබන City of Dreams Sri Lanka නව්‍ය තාක්ෂණය හා නිර්මාණශීලීත්වය තුලින් උසස් සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.
ශ්‍රී ලාංකේය කාන්තාවන් වෙනුවෙන් සුවිසල් අවස්ථාවන් රැසක් හිමි කර දී ඇති City of Dreams Sri Lanka කාන්තාව සතු හැකියාවන් ආගන්තුක සත්කාරයෙන් ඔබ්බට ගෙන යාමේ අවස්ථාව උදා කර දී ඇත්තේ සෑම විටම සමානාත්මතාවයට ප්‍රමුඛත්වය ලබා දෙමිනි. එහිදී අධීක්ෂණය, ක්‍රීඩා මෙහෙයුම්, තොරතුරු තාක්ෂණ ආරක්ෂණ සහ ආරක්ෂණ කළමනාකරණය වැනි ඉතා වගකීම් සහගත හා තීරණාත්මක අංශවල නායකත්වය ගෙන කටයුතු කිරීමේ අවස්ථාව කාන්තාවන් වෙත උදා කර දීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. ඒ තුලින් කාන්තාවගේ හැකියාව, ශක්තිය හා කැපවීම අරුත් ගැන්වීමට City of Dreams Sri Lanka සමත්ව සිටියි. ඒ නිසාම ඇය City of Dreams Sri Lanka හි අනාගතය ආලෝකමත් කිරීමේ සුවිසල් ශක්තිය බවට පත් වනු ඇත.
සියලු පහසුකම්වලින් සපිරි සංචාරක හෝටල් සංකීර්ණයක කාන්තාවන්ගේ හැකියාවන් නංවාලිය හැකි අවස්ථාවන් ඉතා විශාලය. එහෙයින් City of Dreams Sri Lanka සමඟ එක්ව කටයුතු කරන සියලු කාන්තාවන්ට තමන්ගේ වෘත්තීය හැකියාවන් හා දැනුම දිනෙන් දින ඉහළ නංවා ගනිමින් ජීවිතය ජය ගැනීමේ අවස්ථාව නොමඳව හිමිවන අතර ජාත්‍යන්තර තත්වයේ හොඳම භාවිතයන් හා විශිෂ්ට මෙහෙයුම් තුලින් ඇයට නායකත්වය ඉසිලීමේ අවස්ථාවද උදා වේ.
කාන්තාවන්ට සේවය කළ හැකි සුරක්ෂිත හා වඩාත් පහසුකම් සහිත ස්ථානයක් ලෙස City of Dreams Sri Lanka කාන්තාවන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් පිරිමි සේවකයින් හා සමාන අවස්ථාවන් ලබා දීමට කැපවී කටයුතු කරයි. එහිදී සමාන බඳවා ගැනීමේ අවස්ථා, උපදේශන වැඩසටහන්, නායකත්ව පුහුණු වැඩසටහන් සහ මාතෘ සහායක ප්‍රතිපත්තිය වැනි සේවාවන් තුලින් කාන්තාවන්ගේ වටිනාකම ඉහළ නැංවීමට ඔවුන් කටයුතු කරයි. ආරක්ෂිත හා වඩාත් විනිවිදභාවයෙන් යුත් වාර්තාකරණ සැලසුමක් සහ වගවීමේ සංස්කෘතියක් නිර්මාණය කරමින් ආරක්ෂිත හා සහයෝගී වෘත්තීය පරිසරයක් ඇති කිරීමට City of Dreams Sri Lanka කැපවී සිටියි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ City of Dreams Sri Lanka හි උප සභාපති සහ සාමාන්‍යාධිකාරී (දේපල) මයිකල් හබාෂි මහතා “නිරන්තරයෙන් ජාත්‍යන්තර ප්රමිතීන් අනුගමනය කරන ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් ලෙස City of Dreams Sri Lanka සියලු මෙහෙයුම් හිදී නායකත්වය ගැනීමේ අවස්ථාව කාන්තාවන් වෙත උදාකර දී තිබෙනවා. විශේෂයෙන් ඔවුන්ගේ හැකියාවන් හා කාර්යසාධනය මත වෘත්තීයෙන් ඉදිරියට ගමන් කිරීමේ අවස්ථාව සලසාදීම අපගේ සංස්කෘතිය බවට පත්ව තිබෙනවා.” යනුවෙන් පැවසීය.
මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේදී සිය කාන්තා නායකත්වයේ සාර්ථකත්වය තුලින් ජයග්‍රාහී ගමනක යෙදෙන දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams සාම්ප්‍රදායිකත්වය අභිබවා යමින් ප්‍රවීණත්වය, ශක්තිමත් බව හා විශිෂ්ටත්වය තුලින් සිය හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කිරීමට සමත්ව සිටියි. City of Dreams Sri Lanka ඒ සියලු ජයග්‍රහණයන්හි ශක්තිය වන කාන්තාවන්ට ජාත්‍යන්තර කාන්තා දිනයේදී ගෞරවය පුද කර සිටියි.
Video Story