March, 9, 2026
ශ්‍රීලංකන් ගුවන් සේවය අද (09) රාත්‍රියේ සිට රියාද් වෙත සහ හෙට (10) සිට ඩුබායි වෙත දෛනික ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. තමන් මැද පෙරදිග තත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, තම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට සෑම විටම ප්‍රමුඛත්වය දෙන බවත් එම ගුවන් සේවය අවධාරණය කරයි.
ගුවන් ගමන් කාලසටහන පහත දැක්වේ:
| අංකය | ගමන් මාර්ගය | පිටත් වන වේලාව (අදාළ රටේ වේලාවෙන්) |
| UL265 | කොළඹ-රියාද් | පැය 18:15 |
| UL266 | රියාද්-කොළඹ | පැය 22:35 |
| UL231 | කොළඹ-ඩුබායි | පැය 12:40 |
| UL232 | ඩුබායි-කොළඹ | පැය 17:00 |
වැඩිදුර තොරතුරු සඳහා 1979 (ශ්‍රී ලංකාව තුළ) හෝ +94 11 777 1979 (ජාත්‍යන්තර) අමතන්න. නැතිනම් +94 74 444 1979 අංකයෙන් WhatsApp හරහා සම්බන්ධ වන්න (චැට් පමණි). ඔබගේ සංචාරක නියෝජිතයා වෙතින්, ශ්‍රීලංකන් නිල වෙබ් අඩවියෙන් (www.srilankan.com) සහ ශ්‍රීලංකන් සමාජ මාධ්‍ය පිටු වෙතින්ද වැඩිදුර තොරතුරු ලබාගත හැක.
Video Story