චීන අලූත් අවුරුදු සැමරුම සඳහා සුවිශේෂී බැංකු සහකරු ලෙස NDB බැංකුව Cinnamon Lakeside Colombo සමඟ සම්බන්ධ වෙයි

    March, 9, 2026

    පෙබරවාරි 25 වන දින සිට මාර්තු 1 වන දින දක්වා කොළඹ Cinnamon Lakeside හෝටලයේ පැවති විචිත‍්‍රවත් චීන අලූත් අවුරුදු සැමරුම් සඳහා සුවිශේෂී බැංකු සහකරු සහ ප‍්‍රධාන සහකරුවෙකු ලෙස NDB බැංකුව Cinnamon Lakeside සමඟ සාඩම්බරයෙන් සම්බන්ධ විය. දින පහක් පුරා පැවති මෙම අළුත් අවුරුදු සැමරුම් උත්සවය, චන්ද‍්‍ර අලූත් අවුරුද්ද සනිටුහන් කරමින් චීන සූපශාස්ත‍්‍රයේ විශිෂ්ටත්වය සහ සාම්ප‍්‍රදායික චීන සංස්කෘතික අංග සමඟින් ගනුදෙනුකරුවන් සඳහා සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය කළේය.

    මෙම හවුල්කාරිත්වය මඟින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ හෝටල් සමඟ ඇති සහයෝගීතාවන් ශක්තිමත් කරමින් තම කාඞ්පත් හිමියන් සඳහා අර්ථවත් ජීවන රටා අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා NDB බැංකුවේ ඇති අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි. මෙම සුවිශේෂී දීමනාවේ එක් අංගයක් ලෙස, NDB Premium සහ Platinum ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් සඳහා උත්සව කාලසීමාව පුරාම විශේෂ වරප‍්‍රසාද හිමිවිය. NDB PRV Signature සහ Infinite කාඞ්පත් හිමියන් සඳහා 25% ක ඉතිරියක් හිමි වූ අතර NDB Platinum කාඞ්පත් හිමියන්ට 15% ක ඉතිරියක් හිමිවිය. එමඟින් පාරිභෝගිකයින්ට සුවිශේෂී වටිනාකමක් සහිතව මෙම චීන අළුත් අවුරුදු උත්සවය සැමරීමට හැකියාව ලැබිනි.

    පෙබරවාරි 25 වන දින පැවත් වූ විශේෂ විවෘත කිරීමකින් උත්සවය ආරම්භ වූ අතර, ආරාධිත ගනුදෙනුකරුවන් බැංකුවේ සහ Cinnamon Lakeside නියෝජිතයින් සමඟ උත්සවාකාරයෙන් මෙම ආරම්භක අවස්ථාව සඳහා සහභාගී විය. චීන අලූත් අවුරුදු සම්ප‍්‍රදායන් විදහා දක්වමින් උත්සවශ‍්‍රීයෙන් සහ රසපිරි රාත‍්‍රී භෝජන අත්දැකීමක් සමඟින් වැඩසටහන ක‍්‍රියාත්මක විය.

    මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ සහකාර උප සභාපති / කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී අෂාන් වික‍්‍රමනායක මහතා පැවසුවේ මෙම සහයෝගීතාවය බැංකුවේ වටිනා ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ජීවන රටා ප‍්‍රතිලාභ සහ නැවුම් අත්දැකීම් ලබා දීම සඳහා ඇති කැපවීම ඉස්මතු කරන බවයි. රටේ ඉහළ පෙලේ හොටල් සමඟ සම්බන්ධ වීමෙන්, NDB බැංකුව සිය කාඞ්පත් සේවාවන් වල ඇති වටිනාකම තවදුරටත් වැඩි දියුණු කරමින් සුවිශේෂී සංස්කෘතික අවස්ථාවන්හිදී ගනුදෙනුකරුවන්ට අමතක නොවන අත්දැකීම් ලබා දීමට කටයුතු කරයි.

    සාම්ප‍්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට ගොස් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට කැපවී සිටින බැංකුවක් ලෙස, සෑම ගනුදෙනුවකටම සහ සෑම අවස්ථාවකටම අමතර වටිනාකමක් ගෙන දෙමින් වරප‍්‍රසාද, සැමරීම සහ අර්ථවත් සම්බන්ධතාවය ඒකාබද්ධ කරන හවුල්කාරිත්වයන් නිර්මාණය කිරීම කෙරෙහි NDB බැංකුව කැපවී ක‍්‍රියා කරයි.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2025 Asian Banking & Finance Retail Banking සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ වසරේ දේශීය පෞද්ගලික බැංකුව සහ වසරේ Islamic Banking Initiative සම්මානයෙන්ද පිදුම් ලැබීය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.