March, 10, 2026
මෙම මාසය අවසානයේ දී බෙන්තොටදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ “ONE LOVE Reggae Music Festival 2026” කල් දමනු ලබන බව එහි සංවිධායකයින් විසින් දැනුම් දී සිටී.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිල නිවේදනය පහතින් දැක්වේ.
බොබ් මාලේට උපහාරයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ 2026 ONE LOVE Reggae සංගීත ප්‍රසංගය කල් දැමීම සම්බන්ධ නිල නිවේදනය
හිතවත් මහත්ම මහත්මියණි,
මාර්තු මස අවසානයේ බෙන්තොටදී පැවැත්වීමට නියමිතව තිබූ “ONE LOVE Reggae Music Festival 2026” කල් දැමීම සම්බන්ධයෙන් මෙසේ දැනුවත් කර සිටිමු.
මැද පෙරදිග කලාපය තුළ උද්ගතව ඇති යුධමය තත්වය හා ගුවන් ගමන් සඳහා පවතින බාධා හේතුවෙන් කලාකරුවන්ගේ ආරක්ෂාව හා සුවපහසුව පිළිබඳව ගැටලුකාරී තත්වයක් උද්ගත වී ඇත. විශේෂයෙන් කලාකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බැවින් පවතින යුධමය තත්වය හමුවේ එම කලාකරුවන් මෙරටට ගෙන්වා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇත. එසේම එය ඔවුන්ගේ ජීවිතයන්ටද තර්ජනයක් වනු ඇත. මේ වන ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබූ බෙන්තොට වරාහේන වෙරළ තීරයේ සිදුවන සංවර්ධන කටයුතු අවසන් කිරීම ඇතුළු ඉහත සියලු කරුණු පිළිබඳ සලකා බලා මාර්තු මස අවසානයේදී පැවැත්වීමට නියමිතව තිබූ “ONE LOVE Reggae Music Festival 2026” ප්‍රසංගය ඉදිරි දිනයකදී පැවැත්වීමට තීරණය කොට ඇත.
කලාකරුවන්, හවුල්කරුවන්, අනුග්‍රාහකයින් සහ සත්කාරක සේවා සපයන්නන් ඇතුළු සියලුම පාර්ශවකරුවන්ගේ යහපත වෙනුවෙන් එළැඹෙන සංචාරක සමයේදී අදාල සංගීත ප්‍රසංගය පැවැත්වීමට බලාපොරොත්තු වෙමු. ඒ අනුව එම ප්‍රසංගය 2026 අගෝස්තු මාසයේදී පැවැත්වීමට අරමුණු කොට ඇත්තෙමු.
මේ සම්බන්ධයෙන් අපගේ අනුග්‍රාහකයින්, හවුල්කරුවන්, කලාකරුවන්, සංචාරක බලධාරීන්. මාධ්‍ය නියෝජිතයින් සහ දේශීය හා ජාත්‍යන්තර රෙගේ රසිකයින් දැක්වූ අඛණ්ඩ සහයෝගය, ඉවසීම හා අවබෝධය පිළිබඳව සංවිධායක මණ්ඩලය ලෙස අපගේ අවංක ස්තුතිය පුද කර සිටිමු.
ප්‍රසංගය සදහා සහභාගී වන ජාත්‍යන්තර රෙගේ කලාකරුවන් පිළිබඳ විස්තර, ප්‍රසංගය පැවැත්වෙන දිනය සහ වේලාව මෙන්ම ටිකට්පත් අලෙවිය සම්බන්ධ සියලු තොරතුරු ඉදිරියේදී රෙගේ රසිකයින් සමඟ බෙදා ගැනීමට අදහස් කරමු.
ONE LOVE සංවිධායක කමිටුව වෙනුවෙන් One In A Million Company Pvt Ltd විසින් නිකුත් කරන ලදී. වැඩිදුර තොරතුරු සඳහා office.oneinamillion@gmail.com වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරන්න.
ස්තුතියි,
ප්රසාන්ත හේවාවසම්
සභාපති - OIAM
Video Story