වාණිජ රථවාහන ක්ෂේත්‍රයේ නව ප්‍රමිතියක් සමඟ Dongfeng අතිනවීන ප්‍රදර්ශනාගාරය නුගේගොඩදී විවෘත වේ

    March, 10, 2026

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ නියෝජිතයෙකු වන Euro Motors Private Limited විසින් මෙරටට හඳුන්වා දෙනු ලබන ලොව සුප්‍රකට Dongfeng සන්නාමයේ නවතම අතිනවීන ප්‍රදර්ශනාගාරය නුගේගොඩ, හයිලෙවල් පාරේ අංක 214 දරන ස්ථානයේදී පසුගියදා විවෘත කරන ලදී. ශ්‍රී ලංකාවේ වාණිජ රථවාහන ප්‍රදර්ශනාගාර අතර වඩාත් ප්‍රමුඛ සහ උසස්ම ප්‍රමිතියෙන් යුත් ස්ථානයක් ලෙස සැලකෙන මෙය, කර්මාන්තයේ පාරිභෝගික සේවා අත්දැකීම නව මානයකට ඔසවා තැබීමට සමත්ව ඇත.

    මෙම නව ප්‍රදර්ශනාගාරය සැලසුම් කර ඇත්තේ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සම්පූර්ණ සේවාවක් සැපයීමේ අරමුණෙනි. Dongfeng සන්නාමයේ සැහැල්ලු, මධ්‍යම සහ බර වැඩ සඳහා භාවිත කරන ට්‍රක් රථ ඇතුළු සමස්ත වාණිජ රථවාහන මාදිලි පෙළම එකම ස්ථානයක දී දැකබලා ගත හැකිය. එමඟින් පාරිභෝගිකයන්ට විවිධ රථවල කාර්යසාධනයන් එකිනෙක සංසන්දනය කර තමන්ට වඩාත් සුදුසු වාහනය තෝරාගැනීමට පහසුව සලසා දී ඇත.

    ප්‍රදර්ශනාගාරයේ ඉඩකඩ සහිත නවීන සැකසුම නිසා පාරිභෝගිකයන්ට රථවාහනවල ගුණාත්මකභාවය, උසස් තාක්ෂණික අංග සහ ඉංජිනේරු ප්‍රමිතීන් පිළිබඳව සමීපව නිරීක්ෂණය කිරීමේ අවස්ථාව හිමිවේ. මෙය ව්‍යාපාරිකයින්ට, ප්‍රවාහන සේවා මෙහෙයවන්නන්ට සහ ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට තම ව්‍යාපාරික අවශ්‍යතා සඳහා පවතින විසඳුම් පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත හැකි අන්තර්ක්‍රියාකාරී පරිශ්‍රයකි.

    මෙහි ඇති විශේෂත්වය වන්නේ පාරිභෝගිකයන්ට තෝරාගත් රථවාහන මාදිලි පරීක්ෂණ ධාවනයක (Test Drive) යෙදීමට අවස්ථාව ලබාදීමයි. රථයේ බලය, සුවපහසුව, පාලනය සහ බර පැටවීමේ හැකියාව පිළිබඳව ප්‍රායෝගිකව අත්විඳීමට ලැබීම, නිවැරදි වාණිජ රථයක් තෝරාගැනීමේදී ඉතා තීරණාත්මක සාධකයකි. මෙය පාරිභෝගිකයා වෙත විනිවිදභාවයෙන් යුතු සේවාවක් සැපයීමට  Dongfeng සන්නාමය දක්වන කැපවීම තහවුරු කරයි.

    පාරිභෝගික පහසුව උදෙසා මෙම ප්‍රදර්ශනාගාරය සතියේ දින හතේම පෙ.ව. 8.30 සිට ප.ව. 6.00 දක්වා විවෘතව පවතී. පාරිභෝගිකයන්ට වෘත්තීය මට්ටමේ මඟපෙන්වීමක් ලබාදීමට සහ ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතාවලට ගැළපෙන හොඳම විසඳුම් හඳුනාගැනීමට කැපවුණු දැනුමෙන් සන්නද්ධ සුහදශීලී කණ්ඩායමක සේවය මෙහිදී ලබාගත හැකිය.

    මෙම ප්‍රමුඛ පෙළේ ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම තුළින් මෙරට ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රයේ නවීකරණයට සහ වර්ධනයට සුවිශේෂී දායකත්වයක් සැපයීමට Euro Motors ආයතනය බලාපොරොත්තු වේ. නවීන තාක්ෂණය සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවාව මුසු කරමින්, ශ්‍රී ලංකාවේ වාණිජ රථවාහන මිලදී ගැනීමේ අත්දැකීම සම්පූර්ණයෙන්ම අලුත් කිරීමට Dongfeng සමත්ව ඇත.

    මෙම අතිනවීන රථවාහන පෙළ පරීක්ෂා කර බැලීමට සහ ශ්‍රී ලංකාවේ වාණිජ ප්‍රවාහනයේ අනාගතය අත්විඳීමට නුගේගොඩ හයිලෙවල් පාරේ අංක 214 දරන ස්ථානයේ පිහිටි Dongfeng නව ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන ලෙස සියලුම ව්‍යාපාරික හවුල්කරුවන්ට සහ පාරිභෝගිකයන්ට Euro Motors ආයතනය ඉතා සුහදව ඇරයුම් කර සිටියි.