March, 10, 2026
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සිනමා නිර්මාණ ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Metropolitan Technologies පෞද්ගලික සමාගම විසින් Little Life කෙටි චිත්‍රපටයේ ප්‍රථම දර්ශනය සමඟ අති නවීන සිනමා රූපගත තාක්ෂණය මෙරට සිනමා ක්ෂේත්‍රයට හඳුන්වා දෙන ලදී. Metropolitan සහ Canon සමාගම් එක් වී මෙරට සිනමා ක්ෂේත්‍රයට සක්‍රියව පිවිසීම ප්‍රකාශයට පත් කළේ රොෂාන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ Little Life කෙටි චිත්‍රපටයේ ප්‍රථම දර්ශනය අවස්ථාවේදීය. මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම Canon EOS C400 සිනමා කැමරාව භාවිතයෙන් රූපගත කර තිබුණි. එය ශ්‍රී ලංකාවේ විශාල තිරයකදී මෙම කැමරාවේ විශිෂ්ට Dynamic Range එක, උසස් වර්ණ විද්‍යාව සහ අතිශයින් ඉහළ අඩු ආලෝක කාර්යසාධනය ප්‍රදර්ශනය කළ ප්‍රථම අවස්ථාව ලෙස සැළැකේ.
“අපගේ දශක පහක සහයෝගීතාවේ නව සන්ධිස්ථානයක් ලෙස මෙය අපට ගෞරවයක්.” Metropolitan Technologies අධ්‍යක්ෂ ටස්ලිම් රහමාන් පැවසීය. “මෙම සහයෝගීතාව වසර ගණනාවක් පුරා වෘත්තීයවේදීන්ට සහ පාරිභෝගිකයන්ට දක්ෂතා, නිර්මාණශීලිත්වය සහ නව තාක්ෂණය අත්විඳීමට අවස්ථා සළසා දී තිබෙනවා.” Little Life චිත්‍රපටය කොළඹ නගරයේ වීදි සුනඛයන්ගේ ජීවිත කේන්ද්‍ර කර ගනිමින් කරුණාව, සමගිය සහ ජීවිත පිළිබඳ සංවේදී කථා තේමාවක් ඉදිරිපත් කරයි. රොෂාන් ප්‍රනාන්දු ජාත්‍යන්තරව පිළිගත් සිනමා ඡායාරූප ශිල්පියෙකු සහ අධ්‍යක්ෂවරයෙකි. ඔහු Netflix, BBC, Discovery Channel සහ Sky Nature සඳහා නිර්මාණ කටයුතු කර ඇති අතර HRH Prince William විසින් නිෂ්පාදිත වාර්තා චිත්‍රපට මාලාවලටද දායක වී ඇත. “වීදි සුනඛයන්ගේ කථාව රූපගත කිරීම අපට නිර්මාණාත්මක අභියෝගයක් වුණා. EOS C400 කැමරාව හැඟීම් දෘශ්‍යමය ලෙස ඉතා ගැඹුරෙන් ප්‍රකාශ කිරීමට ඉඩ දුන්නා. Metropolitan සහ Canon දුන් සහයෝගයට මම කෘතඥ වෙනවා.” රොෂාන් ප්‍රනාන්දු පැවසීය. මෙම චිත්‍රපටය රංග ශාලා පරිසරයක ප්‍රදර්ශනය කිරීමෙන් EOS C400 කැමරාවේ සජීවී ගතිකතා, ආලෝක-අඳුරු තත්ත්වවල විශිෂ්ට පැහැදිලිභාවය, හැඟීම්, ගැඹුර නිරූපණය කිරීමේ හැකියාව ප්‍රේක්ෂකයන්ට සෘජුවම අත්විඳීමට හැකි විය. Metropolitan Technologies සමාගම ශ්‍රී ලංකාවේ Canon නිල බෙදා හැරීමේ සමාගම ලෙස වැඩමුළු, අධ්‍යාපනික සංචාර, Touch and Try අවස්ථා සහ වෘත්තීය උපකරණ සහාය මගින් ඡායාරූප හා රූපකරණ ක්ෂේත්‍රයේ වර්ධනයට දායක වී ඇත. Little Life ප්‍රථම දර්ශනය සමඟ EOS C400 හඳුන්වා දීම ශ්‍රී ලංකාවේ සිනමා සමාජය ශක්තිමත් කරමින් ඩිජිටල් සිනමා අනාගතය උසස් මට්ටමකට ගෙන යාමේ Canon සහ Metropolitan සමාගම්වල අඛණ්ඩ කැපවීම තව දුරටත් තහවුරු කරයි.
Video Story