March, 11, 2026
Techzone සමාගම පසුගියදා මහනුවර නගරයේ දී Lenovo විශේෂ ප්‍රදර්ශනාගාරයක් (Lenovo Exclusive Store) විවෘත කළේය. මේ මඟින් මධ්‍යම පළාතේ පාරිභෝගිකයන් සහ ව්‍යාපාරිකයන් වෙත AI තාක්ෂණයෙන් සවිබල ගැන් වූ ලැප්ටොප්, ඩෙස්ක්ටොප් සහ අනෙකුත් උපාංග රැසක් සමීප කරවීමට හැකි වී තිබේ.
මෙම වෙළෙඳසල තුළ Lenovo සමාගමේ නවතම උපාංග රැසක් ප්‍රදර්ශනය කර ඇති අතර, AI මත පදනම් වූ කාර්ය සාධන වැඩිදියුණු කිරීම, වඩාත් හොඳ සම්බන්ධතා සහයෝගීතා මෙවලම් සහ උසස් ආරක්ෂක තාක්ෂණික පහසුකම් වැනි විශේෂාංග ඇතුළත් කර ඇත.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් Technocity Pvt Ltd සභාපති Famy Ismail මහතා පැවසූයේ, මහනුවර නගරයේ Lenovo Experience Store එකක් ආරම්භ කිරීම මඟින් පාරිභෝගිකයන්ට අනාගතයට සූදානම් තාක්ෂණික විසඳුම් සමඟ නව අත්දැකීමක් ලබා දීමට හැකි වන බවයි.
මෙම නවතම අත්දැකීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් Lenovo India හි අධ්‍යක්ෂ – Overseas Business, Naveen Kejriwal මහතා සඳහන් කළේ, සියලු දෙනාටම බුද්ධිමත් තාක්ෂණය ලබා දීම Lenovo සමාගමේ දැක්ම වන අතර, ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට AI මත පදනම් වූ උපාංග සහ සේවා ලබා දීමට මෙම වෙළෙඳසල වැදගත් පියවරක් වනු ඇති බවයි.
ශ්‍රී ලංකාව තුළ ලෙනොවෝ හි වර්ධනයට නායකත්වය දීම සහ ටෙක්නොසිටි හි දිගුකාලීන සහයෝගීතාව මඟින් ශ්‍රී ලංකාව තුළ සුවිශේෂී වෙළෙඳපොළ දෘශ්‍යතාව සහ පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට Lenovo සන්නාමයට උදව් කර ඇත.
මහනුවර දී Lenovo Exclusive Store විවෘත කිරීම, පාරිභෝගිකයින්ට අති නවීන විසඳුම් ලබා දෙන Technocity හි ශක්තිමත්, කඩිසර සහ වර්ධනය කේන්ද්‍ර කරගත් සැපයුම් දාමයේ සහ සිල්ලර පරිසර පද්ධතියේ ශක්තියට සාක්ෂියකි.
ප්‍රායෝගික නිරූපණ සහ පුද්ගලාරෝපිත සහාය ඇතිව, මහනුවර පිහිටි Lenovo Exclusive Store, මධ්‍යම පළාතේ තාක්ෂණික සිල්ලර වෙළඳාම සඳහා නව මිණුම් ලකුණක් සනිටුහන් කරමින්, දේශීය ප්‍රජාවන්ට ලෝක මට්ටමේ නවෝත්පාදනයන් ගෙන ඒමේ Techzone හි මෙහෙවර ශක්තිමත් කරයි.
Technocity Pvt Ltd සහ Lenovo අතර දිගුකාලීන සහයෝගිතාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ Lenovo සන්නාමය වඩාත් ප්‍රබල වෙළෙඳපොළ පිළිගැනීමක් ලබා ගෙන ඇති අතර, මහනුවර නගරයේ මෙම නව Lenovo Exclusive Store අත්දැකීම මඟින් එම සබඳතාව තවත් ශක්තිමත් කර තිබේ.


Video Story