අම්බානිගේ සහායෙන් ඇමරිකාවට දැවැන්ත තෙල් පිරිපහදුවක්. ඩොලර් බිලියන 300ක ආයෝජනයක්

    March, 11, 2026

    වසර 50කට පසුව ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිකෙරෙන පළමු ප්‍රධාන නව තෙල් පිරිපහදුව ඉදිකිරීමට සූදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සිය Truth සමාජ මාධ්‍යයෙහි සටහනක් තබමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ ප්‍රකෝටිපති ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි ආයෝජන මත පදනම්ව මෙම පිරිපහදුව ස්ථාපිත කෙරෙනු ඇති බවයි.

    ඉන්දියාවේ විශාලතම පුද්ගලික බලශක්ති සමාගම වන රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමඟ සිදුකරන ඩොලර් බිලියන 300ක ගනුදෙනුවක් වන මෙය ‘අති දැවැන්ත‘ ආයෝජනයක් ලෙසින් ජනාධිපති ට්‍රම්ප් විසින් හඳුන්වා ඇත.

    මෙය ලොව පිරිසිදුම පිරිපහදුව වනු ඇති බවට ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.