March, 11, 2026
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ පැවැති ගෘහ නිර්මාණ ශිල්ප ප්‍රදර්ශනයේදී, ලෝ ප්‍රකට Ozone සන්නාමයේ මෙවලම් බෙදාහැරීමේ බලයලත් සහකරු ලෙසින් කටයුතු කරන Foxygen සමාගම විසින් Ozone ගෘහ නිර්මාණ මෙවලම් ශ්‍රී ලංකාවට සාඩම්බරයෙන් හඳුන්වාදෙනු ලැබිණි.
මෙම නවතම හඳුන්වාදීමත් සමග, ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වීදුරු නිෂ්පාදන, වීදුරු රේලිං පද්ධති, ස්වයංක්‍රීය දොරවල්, දොර අගුළු, ගෘහ භාණ්ඩ මෙවලම්, අල්මාරි සඳහා උපාංග, අගුළු මෙන්ම, ඩිජිටල් සේප්පු ඇතුළු නිෂ්පාදන රැසක් සමගින් එන ලෝ ප්‍රකට Ozone නිෂ්පාදන පෙළ, දැන් ශ්‍රී ලාංකිකයින්ට පහසුවෙන් ලබාගත හැකිවේ.
Ozone සමාගම, එම සන්නාමයේ නිෂ්පාදන 6000 කට අධික ප්‍රමාණයක් සමගින් දශක දෙකකට අධික කාලයක් පුරා ක්ෂේත්‍රයේ විශේෂඥ සමාගමක් ලෙසින්, ඇමරිකාව, ජර්මනිය, තුර්කිය, ඉතාලිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් 45කට වැඩි ප්‍රමාණයක ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉදිකිරීම්කරුවන්, සැලසුම්කරුවන් සහ නිවාස හිමියන්ගේ විශ්වාසයට පාත්‍ර වී ඇති සමාගමකි. ඉකුත් කාලය පුරාම, හුදෙක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිෂ්පාදන සැපයුම් සමාගමක කාර්යභාරය අභිබවා පාරිභෝගික අවශ්‍යතාවන්ට මුල්තැන දෙමින් කටයුතු කරන සමාගමක් බවටද එම සමාගම පත්ව තිබේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසය සමගින් ගුණාත්මකභාවයෙන් අනූනව, ලොව පුරා පාරිභෝගිකයින්ගේ නිර්මාණශීලී හැකියාවන් සඳහාද දොරගුළු විවර කරමින් ඔවුන් අතට පත් කරන මෙම නිෂ්පාදන සම්බන්ධ සෑම ප්‍රයත්නයක් තුළින්ම පිළිබිඹු වන්නේ, මෙවැනි සහයෝගිතා ප්‍රයත්නයන් තුළින් පාරිභෝගික අවශ්‍යතාවන්ට විසඳුම් සෙවීමේ සමාගමේ දැක්මයි.
මෙම සහයෝගීතාවයේ ප්‍රධාන අරමුණ ලෙසින්, Ozone සමාගමේ සාර්ක් කලාපීය ප්‍රධානී, සනී මිෂ්රා මහතා සහ Foxygen Nation හි ෆවුසි කැන්ද්‍රිකාර් මහතා අවධාරණය කරන්නේ, මෙය හුදෙක් එම සන්නාමයේ නිෂ්පාදන මෙරට වෙළෙඳ පොළ හඳුන්වාදීමක් නොවන බවයි. සමාගම් දෙකම අවධාරණය කරන්නේ, මෙම ප්‍රයත්නය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ප්‍රමිතීන් ජාත්‍යන්තර මට්ටම දක්වා ඉහළ නැංවිමට ගන්නා උත්සාහයක් බවයි. එම ක්ෂේත්‍රයේ දිගුකාලීන සබඳතා ගොඩනංවන මෙම සහයෝගිතාවය හරහා ගෘහ නිර්මාණ ශිල්පීන්ට සහ ගොඩනැගිලි ඉදිකරන්නන්ට එම ගොඩනැගිලි හා අභ්‍යන්තර ඉඩකඩ වඩාත් ආරක්ෂිත, ස්මාර්ට් සහ වඩාත් ප්‍රාණවත් අයුරින් නිර්මාණය කිරීමට ශිල්පීය පුහුණුව, තාක්ෂණික මගපෙන්වීම හා අඛණ්ඩ නවෝත්පාදන සමගින් සහය වීම අරමුණයි. එමෙන්ම, ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදන පිරිනමමින් කොන්ත්‍රාත්කරුවන්ට ඔවුන්ගේ වගකීම් නිසිලෙස ඉටුකිරීමටද මේ හරහා සුවිශාල සහයක් සැලසේ.
ඒ අනුව, මෙම නවතම නිෂ්පාදන පෙළ මෙරට වෙළෙඳ පොළට නිකුත් වීමත් සමගින් ඉදිරියේදී, අතිනවීන පන්නයේ ගෘහ නිර්මාණ බිහි කිරීමට අවශ්‍ය උසස්ම මෙවලම් සමගින්, අලෙවියෙන් පසු සම්පූර්ණ තාක්ෂණික සහයද එකම වහලක් යටදී ශ්‍රී ලාංකිකයින්ට ලබාගත හැකි වීම, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවතම පෙරළියක් වනු ඇත.
ඡායාරූප විස්තරය - වමේ සිට: Foxygen Nation හි කළමනාකාර අධ්‍යක්ෂ, ෆවුසි කැන්ද්‍රිකාර් මහතා සමගින් Ozone සමාගමේ සාර්ක් කලාපීය ප්‍රධානී සනී මිෂ්රා මහතා
Video Story