March, 11, 2026
අද (11) දිනයේ දී ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 26.97ක පහළ යාමක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,351.55ක් ලෙසින් සටහන් විය.
දිනය තුළ ගනුදෙනු ආරම්භ වී මුල් පැය භාගය තුළ දී ඒකක 22,500 ක් ඉක්මවා ඒකක 150කට ආසන්න අගයයකින් සියලු කොටස් මිල දර්ශකයේ ධන වර්ධනයක් දකිනු හැකි වුවද මධ්‍යහ්නය වන විට එය ක්‍රමිකව සෘණ අගයයක් දක්වා පරිවර්තනය වනු දැකිය හැකි විය.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 0.72ක ඉතා සුළු අගයයකින් පහළ ගොස් තිබෙන අතර එය දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,279.70ක් ලෙසින් වාර්තා වී තිබේ.
අද දින රු. බිලියන 4.31 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී ඇත.
දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.22ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.20ක් ලෙසින් සටහන්ව ඇති අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 91ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 113ක් ලෙසින් වාර්තා වේ.

Video Story