කොටස් වෙළෙඳපොළ අදත් ලොකුවට වැටෙයි

    March, 12, 2026

    දිනෙන් දින උත්සන්න වන මැදපෙරදිග අර්බුදය හමුවේ මේ වන විට ගෝලීය ආර්ථිකය බරපතළ අවදානමකට ගොදුරුව ඇත. එහි හරස්කඩක් බඳු ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ද නිරන්තරයෙන් ඊට ප්‍රතිචාර දක්වමින් දිනපතා විශාල උච්ඡාවචනයක් ප්‍රදර්ශනය කරමින් සිටී.

    අද (12) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 363.43ක පහළ යාමක් වාර්තා කර තිබෙන අතර නැවත වතාවක් ඒ අනුව සියලු කොටස් මිල දර්හක අගය අද දිනයේ දී ඒකක 22,000 සීමාවෙන් මෙපිටට පැමිණෙනු දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,988.12ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 107.42කින් පහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,172.28ක් ලෙසින් සටහන් වී ඇත. සියලු කොටස් මිල දර්ශකය සහ S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව අද (12) දිනයේ දී පිළිවෙලින් 1.63% ක් හා 1.71% ක් බැගින් පහළ ගොස් ඇත.

    රු. බිලියන 4.10ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.