March, 16, 2026
තිරසර අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව දැක්වූ නොසැලෙන කැපවීම සහ උපායමාර්ගික අවධානය ඇගයීමට ලක් කරමින්, 2025 ACCA ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී බැංකු කාණ්ඩයේ රන් සම්මානය සහ සියලුම කාණ්ඩ අතරින් සමස්ත අනුශූරතාවය බැංකුවට හිමි විය. එය මූලික බැංකු උපායමාර්ග සහ මෙහෙයුම් තුළට තිරසරභාවය ඇතුලත් කළ බැංකුවේ නායකත්වයට ලැබුණු සුවිශාල ගෞරවයකි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිළධාරී ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා පැවසුවේ තිරසරභාවය වෙනුවෙන් බැංකුව දැක්වූ විනයගරුක හා සියලු අංශ ඒකාබද්ධ වූ ක්‍රියාකලාපය, මෙම සම්මාන මගින් මනාව පිළිබිඹු වන බවයි. “මෙම ඇගයීම් මගින් තවදුරටත් තහවුරු වන්නේ කොමර්ෂල් බැංකුවේ තිරසරභාවය යනු හුදෙක් පිටතට පෙනෙන මුලපිරීම් නොවන බවත් එය අපගේ අවදානම් කළමනාකරණය කිරීම, සමාගමේ පාලන කටයුතු මෙන් ම ණය දීම සහ ආයෝජන සම්බන්ධ තීරණ ගැනීම ආදී මූලික මෙහෙයුම් කටයුතු තුළට ද මුල්බැසගත් සංකල්පයක් වන බවයි. මෙම ඒකාබද්ධ බව අපගේ ගනුදෙනුකරුවන්ට ශක්තිමත් පාරිසරික හා සමාජයීය ආරක්ෂණ ක්‍රම සමඟින් වඩාත් විචක්ෂණශීලී මූල්‍යකරණ විසඳුම් ලබා දෙන අතර, දිගුකාලීන අවදානම් සඳහා බැංකුව නිරාවරණය වීම ද අඩු කරයි,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
බැංකු අංශයේ රන් සම්මානය දිනා ගැනීමෙන් තහවුරු වන්නේ, නියාමකයින්, ආයෝජකයින් හා ගෝලීය හවුල්කරුවන් විසින් ද සමීපව නිරීක්ෂණය කෙරෙන, අවදානම් සහිත අංශයක ක්‍රියාත්මක වන බැංකු අතරින් ප්‍රමුඛතම තිරසර කාර්යසාධනයක් පෙන්නුම් කරන බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවේ ප්‍රමුඛ ස්ථානයයි. ආයතනික හා සමාජයීය වගකීම් හුදෙක් ම ක්‍රියාකාරකම් වලට පමණක් සීමා නොකර ණය ලබා දීම, අවදානම් කළමනාකරණය, ආයතනයේ පාලන කටයුතු සහ එදිනෙදා බැංකු මෙහෙයුම් වලට ද තිරසරභාවය ඒකාබද්ධ කිරීමට බැංකුවට ඇති හැකියාව මෙම සම්මානයෙන් පිළිබිඹු වේ.
සියලුම අංශ අතරින් සමස්ත අනුශූරතාවය දිනා ගැනීම බැංකුවේ මෙම ජයග්‍රහණයේ පරිමාණය තවදුරටත් තීව්‍ර කරයි. තිරසරභාවය පිළිබඳව පරිණතභාවයට පත්වීමට විශාල ප්‍රාග්ධනයක් යොදවන බලශක්තිය, නිෂ්පාදන, විදුලි සංදේශ සහ විවිධාංගීකරණය වූ අංශවලින් ඉදිරිපත් වූ සමාගම් වලටත් වඩා කොමර්ෂල් බැංකුව ඉදිරියෙන් තැබීමට මෙම සම්මානයට හැකි විය. මූල්‍ය සේවා අංශයෙන් ද ඔබ්බට යමින් සමස්ත ශ්‍රී ලංකාවේ වඩාත් ම තිරසර ආයතන අතරින් එකක් ලෙස කොමර්ෂල් බැංකුව මෙම සම්මානය තුලින් හඳුනා ගැනින.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 272ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිළධාරී ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා සමඟින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ආයතනික බැංකුකරණය හස්රත් මුණසිංහ මහතා බැංකුව විසින් දිනාගත් ්ක්‍ක්‍් සම්මානයක් ලබාගන්නා අයුරු