March, 18, 2026
අද (18) උදෑසන වන විට ගෝලීය බොරතෙල් බැරලයක මිලෙහි සුළු පහළ යාමක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට හේතු වී ඇත්තේ ඉරාක් රජය සහ කුර්දි පාලන බලධාරීන් අතර තුර්කියේ ජෙයිහන් වරාය හරහා තෙල් අපනයනය නැවත ආරම්භ කිරීමට ගත් එකඟතාවය යි.
කෙසේ වෙතත්, ඉරාන යුධ ගැටුම තවදුරටත් තීව්‍රව පවතින අතර, එමගින් මැදපෙරදිග තෙල් අපනයන කටයුතු බොහෝ දුරට නවතා දමා ඇති බැවින්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අඛණ්ඩ දින හතරක් පුරාවට ඇමරිකානු ඩොලර් 100 ඉක්මවා පවතියි.
ඒ අනුව ඊයේ 3% කට වඩා ඉහළ ගිය බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල, අද උදෑසන වන විට 0.65% කින් පහළ යමින් ඩොලර් 102.75 දක්වා අඩු වී ඇත.
එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.18කින් එනම් 1.23%කින් පහළ ගොස් ඩොලර් 95.03 ලෙස වාර්තා වෙයි.
Video Story