ආයෝජකයින්ට අස්වැසිල්ලක් ගෙනදෙමින් කොටස් වෙළෙඳපොළ ඉහළට

    March, 18, 2026

    අඛණ්ඩ දින 5ක් පුරාවට දැවැන්ත කඩාවැටීමකට ලක් වූ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු ඉහළ යාමක් අද (18) දිනයේ දී දැක ගන්නට ලැබුණි.

    එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 222.54ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 20,640.63ක් ලෙසින් සටහන් විය. කෙසේවෙතත් අද දිනයේ දී S&P SL20 දර්ශකයට අත්පත් කර ගැනීමට හැකිවූයේ ඒකක 4058ක සුළු වර්ධනයක් පමණි.

    මේ අතර රු. බිලියන 5.27ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා වී තිබුණි.